×

වසරකට දකුණු අප්‍රිකානු චීටාවන් 12දෙනෙකු බැඟින් ඉන්දියාවට යැවීමට ගිවිසුමක්

ආරක්‍ෂිත චීටා ගහනයක් ඇති කිරීම මෙහි මූලික අභිලාශය වේ.


ඉදිරි දශකය තුළ වසරකට දකුණු අප්‍රිකානු චීටාවන් 12 දෙනෙකු බැඟින් ඉන්දියාවට ඉන්දියාවට හඳුන්වා දීමේ ගිවිසුමකට දකුණු අප්‍රිකාව අත්සන් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව චීටාවන් 12 දෙනෙකුගෙන් යුත් පළමු කණ්ඩායම ලබන මාසයේදී යැවීමට නියමිත බව දකුණු අප්‍රිකානු පරිසර දෙපාර්තමේන්තුව පවසා තිබේ.

ඉන්දියාවට යැවීමට නියමිත චීටාවන් මේ වන විට නිරෝධායනයේ පසුවන අතර සියල්ලෝම තවමත් හොඳින් ක්‍රියා කරන බව ව්‍යාපෘතියට සම්බන්ධ ප්‍රිටෝරියා විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය වනජීවී විශේෂඥ ඇඩ්‍රියන් ටෝඩිෆ් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ආරක්‍ෂිත චීටා ගහනයක් ඇති කිරීම මෙහි මූලික අභිලාශය වන අතර අධික ලෙස දඩයම් කිරීම සහ වාසස්ථාන අහිමිවීම හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ චීටාවන්ගේ ජනගහනය වඳ වී ඇත. මේ හේතුව නිසාවෙන් 2020 දී ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විවිධ උප විශේෂයක් වන අප්‍රිකානු චීටාවන් පර්යේෂණාත්මක පදනමක් මත රට තුළට ගෙන ආ හැකි පරිදි තීන්දුවක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඉන්දියාවට පසුගිය වසරේ නැමීබියාවෙන් චීටාවන් අටක් ලැබුණු අතර ඔවුන් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ කුනෝ ජාතික වනෝද්‍යානය වන නවදිල්ලියට දකුණින් කිලෝමීටර් 320ක් (සැතපුම් 200ක්) දුරින් පිහිටි බහුල ගොදුරු සහ තණබිම් සහිත වනජීවී අභයභූමියකට පසුගියදා මුදා හරින ලදී.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි