×

අභ්‍යවකාශ ගත වන්නට සිටි ප්‍රථම අප්‍රිකානු කළු ජාතිකයා හදිසියේ මිය යයි

පසුගිය සෙනසුරාදා සිදුවූ යතුරු පැදි අනතුරකදී ඔහු මරණයට පත් විය.


අභ්‍යවකාශය තරණය කිරීමේ අවස්ථාව උදාවූ පළමු කළු ජාති අප්‍රිකානු ජාතිකයා සිය සිහිනය සැබෑ කර ගැනීමට පෙර පසුගිය සෙනසුරාදා දිනයේ මිය ගියේය . ඒ රිය අනතුරක් හේතුවෙනි.
මැන්ඩෙලා මසේකෝ නම් වන ඔහු ඩී ජේ වරයෙක් වන අතර දකුණු අප්‍රිකානු ගුව්න හමුදාව සදහා තේරී පත් වූ නිළධාරියෙකි.

“Afronaut” යන නාමයෙන් බෙහෝමයක් අතර ජනප්‍රිය වූ ඔහු ඇමරිකාව පදනම් වූ අභ්‍යවකාශ අධ්‍යාපන මධ්‍යස්ථානය මගින් අභ්‍යවකාශය වෙත යන පළමු කළු ජාතික අප්‍රිකානුවා ලෙස තෝරාපත් කැගෙන සිටියහ. තිස් හැවිරිදි තරුණයෙකු වූ ඔහු රටවල් 75ක මිලියනයක තරගකරුවන් පරදවා මෙම අවස්ථාව උදාකරගන්නා ලදී. ඔහු හා තවත් 22 කු මේ සදහා තොරා පත් කරගෙන තිබිණි.

පසුගිය සෙනසුරාදා සිදුවූ යතුරු පැදි අනතුරකදී ඔහු මෙසේ මරණයට පත් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි