×

78,000 x 5500? තත්පරෙන් උත්තරේ දෙන මිනිස් කැල්කියුලේටරේ

ඕනෑම විශාල සංඛ්‍යාවක් තවත් විශාල සංඛ්‍යාවකින් වැඩි කිරීමට ඔහුට ගත වන්නේ ඉතා සුළු වේලාවකි.


මේ ඉන්නේ සිබාලේ ස්වානෙ. වයස අවුරුදු 10ක මිනිස් කැල්ක්‍යුලෝටරයක්. ඔහුගේ ගණිත හැකියාව අපට හිතා ගන්නවත් බැරි එකක්. පවසන ඕනෑම ගණනක් සමීකරණයක් ඉතා පහසුවෙන් විසදන්නට ඔහු දක්ෂයෙක් …දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වන ඔහුගේ මෙම දක්ෂතාව නිසාම ඔහු මේ වන විට මුදල් උපයන්නටත් පටන් අරන්.

වයස අවුරුදු දෙකේ සිට ඔහු මේ ඉලක්කම් හරඹ කරමින් සිටින සිය දරුවා ගැන තනිව සිය දරුවන් ඇති දැඩි කරන 28 හැවිරිදි ඔහුගේ මවට මෙය තවමත් පුදුමයක් බව ඇය පවසයි. ඇය පවසන්නේ ”මට විශ්වාස කරන්නත් බැහැ මගේ පුතාගේ මෙම හැකියාව.. ”

මුලින් ඔහු කර ඇත්තේ පාරට ගොස් අහම්බෙන් හමුවන පුද්ගලයන්ට තමන් වෙත ගනිත ගැටළුවක් ඉදිරිපත් කැන ලෙස කියා ඊට ක්ෂණිකව පිළිතුරු දීමයි. ඔහු එමගින් මුදල් උපයා ඇත. ඉන් පසු ඔහුව සමාජ මාධ්‍ය තුළ සීග්‍රයෙන් ප්‍රස්දිධ වීමත් සමග ඔහු අද ජාත්‍යන්තර මාධ්‍ය තුළ ද අති දක්ෂයෙක් බවට පත්වී සිටී. ඕනෑම විශාල සංඛ්‍යාවක් තවත් විශාල සංඛ්‍යාවකින් වැඩි කිරීමට ඔහුට ගත වන්නේ ඉතා සුළු වේලාවකි.

තවමත් සිවු වන වසරේ ඉගෙනුම ලබන සිබාලේ පවසන්නේ ලෝකයේ පවතින සියල්ලටම වඩා තමන් අංක වලට ආශා කරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි