×

ද. කොරියාව, ජපානය හා බුද්ධිතොරතුරු හුවමාරුව නවතයි

මෙම විරසකයෙන් චීනය හා උතුරු කොරියාව වාසි ලබා ගනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයින් පවසයි


ජපානය සමග බුද්ධි තොරතුරු හුවමාරුව තමන් නවතන බව දකුණූ කොරියාව ප්‍රකාශයක් නිකුත් කරන ලදී.
දකුණු කොරියානු ජනාධිපති ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ යූ ගෙයුම් පවසන්නේ ජපානය විසින් දශක ගණනාවක් තිස්සේ දකුණු කොරියාව පැවති ද්වීපාර්ශවික සම්බන්ධතාවන් හී සැළකිය යුතු වෙනසකට මුල පුරා ඇති බවයි. විශේෂයෙන්ම ජපානය සහ දකුණු කොරියාව අතර පැවති වෙළද සම්බන්ධතා බිද වැටීමද මෙයට හේතුවී ඇත. පසුගිය සමයේ ජපානය දකුණු කොරියාව සිදු කළ ආනයන අපනයන සම්බන්ධයෙන් ගත් තීරණ දෙරට අතර වෙළඳ යුද්ධයකට මුල පිරීය. උතුරු කොරියාව හා ජපානය අතර සම්බන්ධය සම්බන්ධව දකුණු කොරියාව වැඩි අවධානයක් යොමු කිරීමද මෙයට හේතුවකි.

දකුණූ කොරියාව සහ ජපානය යනු ඓතිහාසික මිතුරන් වූ අතර රාජ්‍යයන් දෙකම ඇමරිකානු සහයෝගී රාජ්‍ය්‍යන් වීම හේතුවෙන් තව දුරටත් එම සම්බන්ධතා ශකිතිමත්ව පැවතුණි.
ජාත්‍යන්තර විචාරකයන් ගේ අදහස වී ඇත්තේ ෙ දකුණූ කොරියාවේ මෙම තීරණයෙන් තව දුරටත් වාසි ලබා ගනු ඇත්තේ උතුරු කොරියාව සහ චීනය බවයි. විශේෂයෙන්ම ඇමරිකානු සහයෝගී රාජ්‍ය්‍යන් දෙකක් එසේ විරසක වීමේ වාසිය මෙම රාජ්‍ය දෙක ලබා ගනු ඇති බවට ඔවුන්ගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි