×

හැලොවීන් සැමරුම් උත්සව අතරතුර මියගිය අය වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සෝල් අගනුවර විරෝධතා

විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කරනු ලැබුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන අපරාධකරුවන් සොයමින් සිටීන මුත් රජය විසින් සිය වගකීම පැහැර හැර ඇති බවයි.


පසුගිය ඔක්තෝම්බර් 29 වන දින දකුණු කොරියාවේ සෝල් අගනුවර හැලොවීන් සැමරුම් උත්සව අතරතුර ඇතිවූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 156 දෙනෙකු මිය ගිය අතර තවත් 196 දෙනෙකු තදබදය හේතුවෙන් තුවාල ලැබීය.

සිදුවීමෙන් සතියකට පසු බලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අනාගතයේදී ජන සමූහය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීමට ප්‍රතිඥා දී ඇති ජනාධිපති යූන් සුක්යෙයෝල් මෙන් ම ජාතික පොලිස් ප්‍රධානියා අනතුර සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ඉල්ලා ඇත.

මේ පිළිබඳව සිය විරෝධතාවය ප්‍රකාශ කිරීමට සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන කණ්ඩායම් සෝල් අගනුවර පුරා විරෝධතා හතක් පමණ සංවිධානය කර තිබූ අතර විශාලතම රැළිය සංවිධානය කර තිබුණේ ජනාධිපති යූන්ට එරෙහිව නිතිපතා දේශපාලන විරෝධතා පවත්වමින් සිටි ප්‍රගතිශීලී කණ්ඩායම්වල සන්ධානයක් වන Candlelight Action විසිනි.

කළු හැඳි දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් සිය සමීපතමයන් ඉවත්වීම ශෝකයන් බව සඳහන් කරමින් කළු විරෝධතා පුවරු මෙන්ම, කොරියානු සංස්කෘතියේ ශෝකයේ මල් රැගෙන විරෝධතාවයට එක්ව සිටියහ. වේදිකාවේ දී, බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් කියවන ලද ශෝකජනක ගීතවලට අමතරව විරෝධතා සංවිධානය කරන ලද ක්‍රියාකාරීන් මාරුවෙන් මාරුවට මෙම අනතුර ඝාතනයක් බවට රජයට චෝදනා කරනු ලැබීය.

විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කරනු ලැබුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන අපරාධකරුවන් සොයමින් සිටීන මුත් රජය විසින් සිය වගකීම පැහැර හැර ඇති බවයි.

රජයන් සෑම මැතිවරණයකදීම වෙනසක් පොරොන්දු වනමුත්, හැම විටම සමාජ ව්‍යසනයක් සිදුවන බවට ඔවුන් තර්ක කරයි. මෙම සිදුවීම සිදු වූයේම රජය විසින් සිය මූලික කාර්යභාරය ඉටු නොකිරීම හා වගකීම පැහැර හැරීම නිසා බවත්, මේ සමාජය සාමාන්‍ය නොවන බවත්, රට තුළ ආරක්ෂාවක් නොමැති බවත්, විරෝධතාකරුවන් ප්‍රකාශ කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි