×

උතුරු කොරියාවේ ඩ්‍රෝන යානා දකුණු කොරියාව වෙඩිතබා බිම හෙලයි

2017 වසරෙන් පසු උතුරු කොරියානු ඩ්‍රෝන යානා දකුණු කොරියානු ගුවන් සීමාවට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වේ.


උතුරු කොරියාවේ වොන්ජු කඳවුරෙන් දියත් කරන ලද ඩ්‍රොන යානා පහක් සිය ගුවන් සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් දකුණු කොරියාව විසින් වෙඩිතබා විනාශ කර ඇති බව දකුණු කොරියානු බලධාරීන් වාර්තා කර තිබේ.

දකුණු කොරියානු නිලධාරීන් මෙය පැහැදිලිවම ප්‍රකෝපකාරී ක්‍රියාවක් බව විස්තර කළ අතර මෙම ඩ්‍රෝන යානා පහෙන් එකක් දකුණු කොරියාවේ සෝල් අගනුවර අසලින් පියාසර කළ අතර අනෙක් ඒවා බටහිර වෙරළ තීරයට ආසන්නව පියාසර කර ඇත.
2017 වසරෙන් පසු උතුරු කොරියානු ඩ්‍රෝන යානා දකුණු කොරියානු ගුවන් සීමාවට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය වන අතර, ඡායාරූප ගැනීම හා ඔත්තු බැලීමට මෙම ඩ්‍රෝන යානා යොදාගනු ලැබූ බව, දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණ.

උතුරු කොරියාව සතුව ඩ්‍රෝන යානා 300ක් පමණ ඇති බව දකුණු කොරියානු බලධාරීන් ගණන් බලා ඇති අතර, පසුගිය මාස කිහිපය තුළ දකුණු කොරියාව සහ එක්සත් ජනපදය ඒකාබද්ධ ගුවන් අභ්‍යාසයක නිරත වීමෙන් අනතුරුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකමින්, උතුරු කොරියාව විසින් අවස්ථා ගණනාවකදී බැලස්ටික් මිසයිල රැසක් අත්හදා බලනු ලැබීය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි