×

දකුණු කොරියාව නව දරු උපතකදී වොන් මිලියන 2ක් ලබා දේ.

වෙහෙසකාරී රැකියා නිවාස සහ අධ්‍යාපන වියදම්, සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය ආදීය පවුල්වලට දරුවන් ලැබීමෙන් වළක්වන සංකීර්ණ ගැටලු බවට පත්ව තිබේ.


ලෝකයේ අඩුම උපත් අනුපාතය දකුණු කොරියාවෙන් වාර්තා වන අතර ඒ හේතුවෙන් සෑම නව දරු උපතක් වෙනුවෙන්ම දෙමාපියන්ට වොන් මිලියන 2ක හා වෙනත් ප්‍රතිලාභ රැසක් ලබා දීමට රජය කටයුතු කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට අමතරව වයස අවුරුදු එක දක්වා ළදරුවන් සඳහා මසකට වොන් 700,000 ක් සහ අවුරුදු දෙකට අඩු ළදරුවන් සඳහා මසකට වොන් 350,000 ක් පවුල් වලට ගෙවනු ලැබේ. මෙය වයස අනුව වොන් 500,000 දක්වා ඉහළ යනු ඇත. මීට අමතරව ප්‍රාථමික පාසල් වයස දක්වා ළමුන් සඳහා මසකට තවත් වොන් 200,000ක් හා අඩු ආදායම්ලාභී කුටුම්භ සහ තනි මාපියන් සඳහා අමතර ගෙවීම් රැසක් රජය විසින් කරනු ලබන බවද වාර්තා වේ.

මීට අමතරව රජය විසින් ගර්භනී කාන්තාවන් සඳහා වෛද්‍ය වියදම්, වඳභාවයට ප්‍රතිකාර, ළදරුවන් බලාගැනීමේ සේවා වියදම් අඩු කිරීම ආදීය ද කරගෙන යනු ලැබේ.

සංවර්ධිත රටවල සාමාන්‍යයෙන් ජනගහනය ස්ථාවරව තබා ගැනීමට අපේක්ෂා කරන සාමාන්‍ය උපත් අනුපාතිකය 2.1පමණ වන අතර 2022 වසරේ දකුණු කොරියාවේ කාන්තාවකට අපේක්ෂා කරන සාමාන්‍ය ළදරු සංඛ්‍යාව 0.78 දක්වා පහත වැටුණි. බොහෝ කොරියානුවන් විවාහ නොවීම හෝ දරුවන් නොගැනීම තෝරා ගැනීම සාමාන්‍ය තත්වයක් බවට පත්ව ඇති අතර රජයේ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ කාර්යාලය විසින් පසුගිය වසරේ කරන ලද සංගණනයකට අනුව වයස අවුරුදු 19-34 අතර අයගෙන් සියයට 36.7ක් දරුවන් ලැබීමට කැමැත්තක් දක්වා නැත.

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්- විසින් මේ තත්වය මග හැරවීමට පසුගිය වසර 16 තුළ වොන් ට්‍රිලියන 280 ක් පමණ වියදම් කරන ලද බව සඳහන් කර තිබේ. දකුණු කොරියාවේ පවතින වෙහෙසකාරී රැකියා නිවාස සහ අධ්‍යාපන වියදම්, සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය ආදීය පවුල්වලට දරුවන් ලැබීමෙන් වළක්වන සංකීර්ණ ගැටලු බවට පත්ව තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි