×

දකුණු කොරියාවේ දරුණු ලැවු ගින්නක් රටතුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කෙරේ

අධික සුළගත් සමග ඉතා වේගයෙන් ගින්න පැතිර යෑමසිදුව ඇත



දකුණු කොරියානු රජය විසින් අද හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කෙරිණ. ඒ එරට ඇතිවූ ලැවු ගින්නක් හේතුවෙන් මේ වන විටත් 4000කටත් අධික පිරිසක් දැඩි අපහසුතාවට පත්වීමත් සමගිනි.මේ වන විට වාර්ථාවන පරිදි මිය ගොස් ඇති සංඛ්‍යාව එක් අයෙකි.

දකුණු කොරියාවේ උතුරු නැගෙනහිර කදුකර ප්‍රදේශ ආශ්‍රිතව හට ගෙන ඇති මෙම ලැවු ගින්න පැතිරවීම මැඩ පැවැත්වීම සදහා මේ වන විටත් එරට ආරක්ෂක අංහ කටයුතු කරමින් සිටී. ඒ අනුව සෙබළුන් 16500ක් මේ සදහා යොදවා ඇත.
මෙසේ ලැවු ගින්නක් ඇතිවීමට හේතු වී ඇත්තේ ට්‍රාන්ස්ෆොර්මරයකින් හටගත් ගින්නක් පැතිරී යෑමයි. අධික සුළගත් සමග ඉතා වේගයෙන් ගින්න පැතිර යෑමසිදුව ඇත. මේත් සමග එරට ජනපති මුන් ජේ ඉන් විසින් රට තුළ හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත්කර ඇත.
මේ වන විටත් ගින්න හේතුවෙන් පළාත තුල ගොඩ නැගිලි රැසක් විනාශ වී ඇති බව වාර්ථා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි