×

දෙවන ලෝක යුධ සමයේ ජපානය විසින් සේවයේ යෙදවූ ලිංගික ශ්‍රමිකයන් ගැන නඩු විභාගය ඇරඹේ

.


දකුණු කොරියාව විසින් ජපානයට විරුද්ධව සිදු කරන පැමිිණිල්ලක් විභාග කිරීම දකුණු කොරියානු අධිකරණ මගින් ආරම්භ කර ඇත.

ඒ දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජපන් හමුදාව මගින් පවත්වාගෙන ගිය ගණිකා නිවාස වල සේවය කිරීම සදහා බලහත්කාරයෙන් දකුණූ කොරියානු කාන්තාව යොදවා ගත්තේය යන චෝදනාව හේතුවෙනි.

පසුගිය බදාදා දින සෝල් හී මධ්‍යම දිසා අධිකරණයේදී පැවැත්වී මෙම නඩු විභාගය විත්ති කරුගේ පාර්ශවය නොමැතිව පැවැත්වූ යේ විත්ති කරු වූ ජපානය මෙම නඩුවට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. ජපානය පවසන්නේ මෙවැනි විදෙස් රාජ්‍යයක නඩුවකට සහභාගී වීමෙන් සිය රටේ ස්වෛරිත්වය ප්‍රශ්න කිරීමට ලක් වන බවයි.

ලිංගික වහලුන් ලෙස මෙසේ ජපානයේ ගණිකා නිවාස වල සේවයේ යෙදවූ පිරිස් හා ඔවුන්ගේ ඥාතීන් 20කගේ කණ්ඩායමක් විසින් ඩොලර් 171000 බැගින් වන්දි ඉල්ලා 2016 වසරේදී මෙම නඩුව මුල් වතාවට පනවන ලදී. නමුත් මෙම පැමිණිල්ල සම්බන්ධ ලිය කියවිලි වල පිටපත් භාර ගැනීම ජපානය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග නඩු විසදීමේ ක්‍රියාවලිය ප්‍රමාද වී ඇත.

ජපානය පවසන්නේ 1965 වසරේදී දකුණූ කොරියාව සමග ඇති කර ගත් ගිවිසුමක් මගින් මෙම ගැටළුව නිරාකරණය කර ගත් බවයි.

ජපානය සහ දකුණු කොරියාව යුධ කාලීන ඉතිහාසය තුළ ඇතිවූ තවත් ආරවුලක් මධ්‍යයේ මෙමන නඩුව නිභාගයට ගැනීමට දකුණූ කොරියාව තීරණය කර ඇත. පසුගිය වසරේ දකුණූ කොරියාණු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නඩු තීන්දුවක් මත දෙවන ලෝක සංග්‍රම අවධියේදී දකුණූ කොරියානු ශ්‍රමිකයන් බලහත්කාරයෙන් සේවයේ යොදවා ගත් ජපන් සමාගම් දෙකක් වෙතච ඔවුන් හට වන්දි ලබා දෙන ලෙස නියම කෙරිණි.

මෙම තීන්දුව දෙරට අතර ආර්ථික සහ වෙළද යුද්ධයක් දක්වා වර්ධනයට හේතු වූ අතර එමගින් දෙරටම ආර්ථික තත්ත්වයන් පහත වැටීමට හේතු විය.
මෙවර නඩු ක්‍රියාවලිය සදහා කෙතරම් කාලයක් ගත වනු ඇති දැයි යන්න නිශ්චිත නොවන අතර අධිකරණයට සිදුව ඇත්තේ පැමිණිලි කරුවන්ගේ නෛතික තර්ක මත පමණක් පදනම් වෙමිනි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් අඟහරුවාදා අධිකරණයට ඉදිරිපත් කරන ලද මතයක සඳහන් වූයේ, බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සහ මිලිටරි ලිංගික වහල්භාවය වැනි යුද අපරාධ සම්බන්ධව ඉදිරිපත් වීමෙන් ජපානයේ ස්වෛරීත්වයට බලපෑම් ඒල්ල නොවනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි