×

වසර 15කට පසුව අවම අගයකට වැටුණු දකුණු කොරියාවේ මුදල් ඒකකය!

දකුණු කොරියාවේ වොන් එකක අගය වසර 15කට පසුව අවම අගයකට පහත වැටී ඇත.


රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය විසින් පොලී අනුපාත කප්පාදුව සම්බන්ධයෙන් ගත් නව තීරණ සහ එරට දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන්, දකුණු කොරියාවේ වොන් එකක අගය වසර 15කට පසුව අවම අගයකට පහත වැටී ඇත.

මේ වන විට දකුණු කොරියාවේ වොන් එකක වටිනාකම අමෙරිකානු ඩොලර් 1,448.9 ක් වන අතර, 2009 මාර්තු 16 න් පසු ලබා ගත් දුර්වලම අගය සටහන් කර තිබෙන අතර, විචාරකයන් පවසන්නේ. ලබන ජනවාරි මස 20වනදා සිට අමෙරිකාවේ ජනපති ලෙස පත්වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති හා සමපාත වෙමින්, මේ ආකාරයට ආසියාවේ ආර්ථිකයට නියත වශයෙන්ම බලපැම් කළ හැකි නව තීරණ ක්‍රියාත්මකවණු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි