×

දකුණු කොරියානු ජනාධිපතිවරයා හදිසියේම යුධ නීතිය ප්‍රකශයට පත් කරයි

වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කළ අවස්ථාව මෙයයි.


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් රාජ්‍ය විරෝධී බලවේග සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හේතුවෙන් රට තුළ යුධ නිතිය පනවා ඇති බව වාර්තා වේ.

වසර 50කට පමණ පසු ප්‍රථම වතාවට ආසියානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කළ අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත්, හදිසියේ හඳුන්වා දුන් හමුදා පාලනයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධය දැක්වීම සඳහා දහස් ගණන් ජනතාව පාර්ලිමේන්තුව වටා රැස් වූ අතර යුද නීතිය ප්‍රකාශ කිරීමෙන් පැය දෙකකටත් අඩු කාලයකට පසු, මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පිටුපා ජාතික සභාවට රැස්වී ඔහුගේ පියවර වැලැක්වීමට ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ඉන් අනතුරුව පරාජයට පත් වූ යූන් පැය කිහිපයකට පසු පාර්ලිමේන්තුවේ ඡන්දය පිළිගෙන යුද නීතිය ඉවත් කිරීමට කටයුතු කරන තිබූ අතර යුධ නීතිය යනු සිවිල් බලධාරීන්ට ක්‍රියා කළ නොහැකි යැයි සලකනු ලබන හදිසි අවස්ථාවකදී හමුදා බලධාරීන් විසින් තාවකාලික පාලනයකි.

එය අවසන් වරට දකුණු කොරියාවේ ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 1979 දී එවකට එරට දිගුකාලීන හමුදා ඒකාධිපතියෙකු වූ පාර්ක් චුන්ග්-හී කුමන්ත්‍රණයකදී ඝාතනය වූ අවස්ථාවේදීය.

1987 දී රට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් වූ දා සිට එය කිසිදා ක්‍රියාත්මක වී නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි