×

ස්පාඤ්ඤයේ ගංවතුර හේතුවෙන් අහිමි වූ ජිවිත සංඛ්‍යාව 200 ඉක්මවයි

අතුරුදන් වුවන් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ රජය මෙතෙක් සංඛ්‍යා වාර්තා හෙළිදරවු වී නොමැත.


සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ස්පාඤ්ඤයට බලපෑ ඉතිහාසයේ මාරාන්තිකම ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 205 දක්වා ඉහලගොස් ඇති බව වාර්තා වේ.

රාජ්‍ය කාලගුණ ඒජන්සිය Aemetඊයේ(01)දිනයේදී ප්‍රකාශ කළේ වැස්ස සහ කුණාටු අවදානම හේතුවෙන් Valencia ඇතුළු කලාප හතරක හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

හදිසි ගංවතුර නිසා වීදිවල වාහන ගොඩගැසී ඇති අතර නිවාස, පාලම හා සාප්පු සංකීර්ණ ආදිය විශාල වශයෙන් හානි සිදු වී ඇති අතර වාහන සහ සුන්බුන් ගොඩවල් නිසා සමහර නිවැසියන් ඔවුන්ගේ නිවෙස්වලට කොටු වී ඇත.

අතුරුදන් වුවන් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ රජය මෙතෙක් සංඛ්‍යා වාර්තා හෙළිදරවු වී නොමැති අතර ආපදාවට ලක් වුවන් වෙනුවෙන් 1000කට අධික පිරිසක් යොදවා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි