×

මුලර්ගේ වාර්ථාව සමග ට්‍රම්ප්ගේ ඇඟ බේරෙයි…!

එහි සදහන් වූයේ කිසිදු ලෙසකින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාව අතර කිසිදු සම්බන්ධතාවක් නොපවතින බවයි.


මෙතෙක් කල් ජනතා අප්‍රසාදය දිගින් දිගටම එල්ල වෙමින් සිටි ඇමරිකානු ජනපතිවරයාට නැවත වතාවක් ජනතාව වෙත ලංවීමේ අවස්ථාවක් ඊයේ උදා විය.

2016 වසරේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරය භාර ගැනීමත් සමගම ඔහු වෙත එල්ල වූ රුසියානු රජය සමග කුමන්ත්‍රණයක් නියැලෙන බව ට වූ විවේචනය සැබෑවැක් නොවන බව අනාවරණය වීමත් සමගිනි.

ට්‍රම්ප් ඇමරිකාවේ ජනපති කරවීමට රුසියානු රජය සිය සහය ලබා දුන් බවටත් ඉන් පසුද ට්‍රම්ප් විසින් ගත් තීරණ සදහා රුසියාන රජය බලපෑම් කර තිබූ බවත් ඔහුට විරුද්ධව තිබූ විවේචනයි.
මේ විවේචන සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඇමරිකානු විශේෂ උපදේශකයෙකු වන රොබට් මුලර් සදහා පැවරුණ අතර ඒ සම්බන්ධ වාර්ථාව ඊයේ ඔහු විසින් අනාවරණය කර තිබුනි.

නමුත් එහි සදහන් වූයේ කිසිදු ලෙසකින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාව අතර කිසිදු සම්බන්ධතාවක් නොපවතින බවයි.
නමුත් ඇතැම් ඇමරිකානු මෙන්ම ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මේ සම්බන්ධ මුලර්ගේ වාර්ථාව කෙතෙක් දුරට නිවැරදිදැයි පිළිගන්නට තවත් කාලය අවශ්‍ය බව මෙන්ම ඉදිරි නොවැම්බරයේ පැවැත්වීමට නියමිත මධ්‍ය වාර මැතිවරණයේදී ඔහු පිළිබද ජනතා විශ්වාසය නිශ්චිත ලෙසම තීරණය වනු ඇති බවයි.

මන්ද ට්‍රම්ප් විසින් පසු ගිය ජනපතිවරණ ජයග්‍රහණයේදී රුසියානු සහය ඔහුට ලැබුණ බවට වන චෝදනා සදහා සාක්ෂි රැසක් හමු වී තිබීමත් ට්‍රම්ප් විසින් ගත් ඇතිම් තීරණ රුසියානු අන්තර්ජාතික හැසිරීමට ධානාත්මකව සහය වූ බවටත් තොරතුරු අනාවරණය වී තිබීමත් හේතුවෙනි.

කෙසේ වෙතත් රොබට් මුලර්ගේ වාර්ථාව ට්‍රම්ප්ට විරුද්ධව පැවති චෝදනා වලින් ඔහුව නිදහස් කර තිබීම ඔහුගේ ක්‍රියාකලාපය තව තවත් ප්‍රභල කිරීමට සහයක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි