×

ට්‍රම්ප්ගේ බාල සොයුරා මිය ගියේ කොවිඩ් නිසාද? බරපතළ සැකයක් !

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල සොහොයුරා මිය ගොස් ඇති අතර, ඔහුගේ මරණයට හේතු වූ රෝග තත්වය හෙළි නොකිරීම හේතුවෙන්, මෙය කොවිඩ්-19 මරණයක්ද යන සැකය මතු වී තිබේ.


‘හෙළි නොකළ- බරපතළ‘ රෝගී තත්වයක්

ට්‍රම්ප්ගේ බාල සොහොයුරා වූ රොබට් ට්‍රම්ප් පසුගිය ජූනි මාසයේදී ද රෝහල් ගත කර තිබෙන්නේ ‘හෙළි නොකළ- බරපතළ‘ රෝගී තත්වයක් (with an undisclosed serious condition) හේතුවෙනි.

ගතවූ මාස 3 තුළ ඔහුව කිහිප වතාවක් රෝහල් ගත කර තිබේ.

ඔහු මිය ගිය බව වාර්තා වන්නේ අවසාන වරට රෝහල්ගත කර පැය 24කට පසුව ය.

පසුගිය සිකුරාදා දිනයේ ට්‍රම්ප්, මරණ මංචකයේ සිටින සිය සොහොයුරා බැලීමට නිව්යෝක් නුවරට ගිය බව වාර්තා විය. කෙසේ වෙතත්, සිකුරාදා දිනයේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේ පිළිබඳ විමසූ අවස්ථාවේදී ද ඔහු කිසිවක් පැවසීම ප්‍රතික්ෂේප කළ බව CNN පුවත් සේවය පවසයි.

Trump kills Trump !

ඇමරිකා එක්සත් ජනපදය තුළ ගතවූ පැය 24 තුළ කොවිඩ් මරණ 1190 ක් වාර්තා වී ඇති අතර, මිය ගිය මුළු සංඛ්‍යාව 169,000 කි. ඇමරිකානුව් මිලියන 5.37 ක් මේ දක්වා ආසාදිතයන් බවට පත්ව තිබේ.

නිව්යෝක් තවමත් ඇමරිකාවේ කොවිඩ් වසංගතයේ නවාතැනයි. නිව්යෝක් ජනපදයෙන් කොවිඩ් ආසාදිතයන් 430,000 ක් වාර්තා වන අතර, 32,414 ක් අද දිනය වන විට මරණයට පත්ව තිබේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සොහොයුරා ජීවත් වූයේ ඇමරිකාවේ නිව්යෝක් නුවර වීම ද ඔහුගේ මරණයට හේතුව හෙළිදරව් නොකිරීම ද විසින් ට්විටර් ඇතුළු සමාජ ජාලවල මේ වන විට මෙය කොවිඩ් මරණයක්ද යන මතය දැඩි සේ ගොඩ නැගෙමින් තිබේ.

71 හැවිරිදි රොබට් ට්‍රම්ප්, ට්‍රම්ප්ගේ ගති ගුණවලට සමාන ගති ලක්ෂණ ඇති අයෙක් ලෙස සැලකෙන අතර, ඔහු මේ වසරේ මුල නැවත වරක් විවාහ වී ඇති බව ද සඳහන් ය.

රොබට් ට්‍රම්ප්, ජනපති ට්‍රම්ප්ගේ ට්‍රම්ප් පදනමේ විධායක උප සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර, ‘‘ඔහු මගේ සහෝදරයා පමණක් නෙවෙයි, හොඳම මිත්‍රයාත් වුණා‘ යැයි ජනපති ට්‍රම්ප් අද උදෑසන ට්වීට් කර තිබිණි.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, දිගින් දිගටම කොවිඩ් වසංගතය හෑල්ලු කර කතාකිරීමත්, කොවිඩ් වසංගතයේ වැඩිම මරණ ගණන ඇමරිකාවෙන් වාර්තා වීමේදී ‘‘අපි තමයි ඒකෙනුත් ලෝකෙන් අංක 1‘ යැයි පැවසීමද, ඉතා අඩුවෙන් මාස්ක් පැළඳීම ද නිසා මේ මරණය දෙස උපහාසයෙන් යුතුව බැලීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබේ.

එක් ට්විටර් පරිශීලකයෙක් මෙසේ කියා තිබේ.

‘‘They won’t release a cause of death for Robert Trump. That’s because it’s COVID-19. Trump kills Trump.‘‘

‘‘රොබට්ගේ මරණයට හේතුව හෙළි කරන එකක් නෑ. එයට හේතුව කොවිඩ්. ට්‍රම්ප් විසින් ට්‍රම්ප් මරා දමනවා!‘‘

ඔවුන් මේ සරල ලෙස කියන්නේ අයියා විසින් මල්ලී මරාගත් බව නොවේද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි