×

ලෝකයේ පළමු කොවිඩ් එන්නත රුසියාවෙන් – පුටින්ගේ දියණියට මුල් වටයේදීම එන්නත

රුසියාවේ ස්පුට්නික් V කොරෝනා එන්නතට රටවල් 20කින් බිලියනයක ඉල්ලුමක්


Covid 19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහිව රුසියාව විසින් මේ වන විට සොයා ගෙන තිබෙන එන්නතට ලොව රටවල් 20කින් බිලියනක පමණ ඇනවුමක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

1957 දී සෝවියට් සංගමය විසින් ලොව ප්‍රථම චන්දිකාව දියත් කිරීම තරම්ම විශිෂ්ට ක්‍රියාවක් වන හෙයිනුයි මෙම එන්නතට ස්පුට්නික් V ලෙස නම් තබා ඇත්තේ.

රුසියාවේ ගමාලියා ආයතන විසින් මෙම එන්නත නිපදවා අත්හදා බලා ඇති අතර එය සාර්ථක බවට ජනාධිපති ව්ලදිමීර් පූටින් මහතාම සහතිකයක් දී තිබෙන්නේ ”මම දන්නවා එය සාර්ථක බව මොකද මගේ දියණියකට එන්නත ලබා දී තිබෙන්නේ” යනුවෙන්

ඒ අනුව මේ වන විටත් එම එන්නත ලියාපදිංචි කර ඇති බවයි එරට වාර්තා පෙන්වා දෙන්නේ.

“මම හිතන්නේ ඇය මේ ආකාරයෙන් අත්හදා බැලීමට සහභාගී වුවා. පළමු එන්නතෙන් පසු ඇගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ක් වුණා. ඊළඟ දවසේ 37යි. ඒ කියන්නේ යමක් වෙනවා කියන එක. දෙවන එන්නතෙන් පසුව උෂ්ණත්වය ද ටිකක් වැඩි වූ නමුත් එය නැවත පහළට ගියා. දැන් ඇයට සුවයක් දැනෙනවා.’‘ යනුවෙන් ජනාධිපතිවරයා සිය දියණියගේ අත්දැකීම ප්‍රසිද්ධ කර තිබේ.

සිය කැබිනට් අමාත්‍යවරු සමඟ දුරකථන සංවාදයකට එක්වෙන්මින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ Covid 19 වෛරසයට එරෙහි නව එන්නත සම්බන්ධයෙන් සියලුම පරීක්ෂාවන් සිදුකර ඇති බවයි.

රුසියාව මෙලෙස එන්නතක් අතහදා බල ඇත්තේ රටෙහි ආරක්ෂාව, ඵලදායීතාව සහ  සංවර්ධනයේ අත්‍යවශ්‍ය දෑ කප්පාදු කර ඇති බවට පවතින චෝදනාද මධ්‍යයේ වීම විශේෂත්වයක්.

මෙම එන්නත හඳුනාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට සෘජු ආයෝජන අරමුදලේ ප්‍රධානී කිරිල් දිමිත්‍රිව් මහතා පවසා තිබෙන්නේ සිය විදේශීය හවුල් කරුවන් සමඟ රටවල් පහක වසරකට එන්නත් මාත්‍රා මිලියන 500කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට දැනටමත් සුදානම් බවයි. එමෙන්ම නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමටද කටයුතු යොදා තිබෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ වන විට ලතින් ඇමරිකා,මැදපෙරදිග සහ ආසියානු රටවල් සමඟ එන්නත මිලදී ගැනීම සඳහා ගිවිසුම් ගතවීමට සූදානමින් සිටින බවද කිරිල් දිමිත්‍රිව්  මහතා කියා තිබේ.

– ASK



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි