×

ශ්‍රී ලංකාව,සරම්ප තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කෙරේ

ඉතා ඉක්මණින් බෝවන රෝගයක් වන සරම්ප රෝගය මේ වන විට ලෝකය පුරා බරපතල තත්ත්වයක් නිර්මාණය කරමින් පවතී


ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත. ඒ අනුව අවසන් වතාවට ලංකාව තුළ සරම්ප රෝගියෙකු වාර්ථා වී ඇත්තේ 2016 වසරේ බව වාර්ථා වේ.

මේ පිළිබදව අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර ආසියානු කලාප අධ්‍යක්ෂිකා පූනම් කෙට්‍රපාල් සිංග් පවසන්නේ ශ්‍රී ලංකාව මෙවැනි තත්ත්වයක් උදා කරගෙන ඇත්තේ ලෝකයේ බොහෝ රටවල සරම්ප රෝගය බරපතල සෞඛ්‍ය අර්බුදයක් වෙමින් පවතින අවධියක බවයි.

ඉතා ඉක්මණින් බෝවන රෝගයක් වන සරම්ප රෝගය මේ වන විට ලෝකය පුරා බරපතල තත්ත්වයක් නිර්මාණය කරමින් පවතී, විශේෂයෙන්ම ඇමරිකානු සහ යරෝපීය රටවල් මෙන්ම ආසියානු සහ අප්‍රිකානු රටවල් වල මෙම තත්ත්වය වෙනසක් නොමැතිව පවතී. සාම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාසයන් මත එල්බ නිවාරණ එන්නත් භාවිතයට ජනතාවගේ ඇති අකමැත්ත මෙසේ සරම්ප රෝගය උද්ගත වීමට හේතු වී ඇත.

1992 වසරේ සංඛ්‍යාලේඛන හා සැසදීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම සරම්ප රෝගීන් සංඛ්‍යාවක් වාර්ථා වන්නේ මෙම වසරේදීය . ඒ අනුව රෝගීන් 2000ක් වාර්ථා වී ඇති බව බැවසේ.
යුරෝපයේ තත්ත්වයද එවැනිම වන අතර යුක්රේනයේ වැඩිම රෝගීන් පිරිසක් වාර්ථා වී ඇත 2019 වසරේ මුල් මාස දෙක තුළ එම කලාපයේ වාර්ථා වී ඇති සරම්ප රෝගීන් සංඛ්‍යාව 25000ට අධික වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුව සරම්ප රෝගය තුරන් කිරීම සදහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වී ඇති වැඩ සටහන් අතර රුබෙල්ලා එන්නත මෙන්ම සරම්ප එන්නත නිසි ආකාරයෙන් ලබා දීමට කටයුත් කිරීම සාර්ථක එකකි. මෙම එන්නත් ලබා දීමේදී ශ්‍රී ලංකාව 95% කට වැඩි ප්‍රතිශතයක් ආවරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ තව දුරටත් සරම්ප වලින් තොර රටක් ලෙස පැවතීමට නම් ඉතා අවදානයෙන් සිටිම ශ්‍රී ලංකාවට වැදගත් වන බවයි.
සරම්ප රෝගය යනු වැඩි කාලයක් පරිසරය තුළ නොනැසී පැවතිය හැකි වෛරසයකි. ඒ අනුව විශේෂයෙන් වෙනත් රටවලින් රෝගය නැවතත් පැතිරීමේ අවදානම කෙරෙහි ලංකාව අවධානය යොමු කළ යුතුව ඇත.
බරපතළ ආසාදන වෛරස් රෝගයක් ලෙස සැලකෙන සරම්ප රෝගය නිසා 2017 වසරේදී පමණක් 111,000ක් මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී නිකුත් කළ නවතම වාර්තාවෙහි දැක්වෙන්නේ, එන්නත් සම්බන්ධයෙන් පළ වන ව්‍යාජ පුවත් සහ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම් හේතුවෙන් 2016 සහ 2017 අතර සරම්ප රෝගීන් 30%කින් ඉහළ ගොස් ඇති බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි