×

රෝහින්ග්‍යා සරණාගතයින් 100කට අධික පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගනියි

මියන්මාර හමුදාව 2021 කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය අල්ලා ගත් අතර එතැන් සිට ඇතිවූ සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන ගණනකට පලා යාමට සිදු විය.


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුද්ධයෙන් විනාශ වූ මියන්මාරයේ සිට පැමිණි රෝහින්ග්‍යා සරණාගතයින් ළමුන් 25 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 102දෙනෙකු ධීවර යාත්‍රාවක ගසාගෙන යමින් සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන ඔවුන් ආරක්ෂිතව ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන විත් ඇති බව වාර්තා වේ.

මුස්ලිම්-බහුතර ජනවාර්ගික රෝහින්ග්‍යාවරු මියන්මාරයේ දැඩි ලෙස හිංසාවට ලක්වන අතර සෑම වසරකම දහස් ගණනක් දිගු මුහුදු ගමන්වලදී තම ජීවිත අවදානමට ලක් කරති. මිට පෙරද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2022 දෙසැම්බර් මාසයේදී වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවකින් විපතට පත් රොහින්ග්‍යා සරණාගතයින් 100 කට වැඩි පිරිසක් බේරා ගන්නා ලදී.

මියන්මාර හමුදාව 2021 කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය අල්ලා ගත් අතර එතැන් සිට ඇතිවූ සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන ගණනකට පලා යාමට සිදු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි