×

”27,000ක් ” මරා දැමූ ඩුටර්ටේ ගේ අඩිපාරේ යන්නට තමන් සූදානම් බව ලෝකයට කියූ  ”සිරිසේන ජනපති”

ඔහු විසින් මේ සියල්ලන් මරා දැමුණේ කිසිදු නඩු විභාගයකින් හෝ තොරවය.


ශ්‍රි ලංකා ජනාධිපතිවරයා පසුගියදා පිලිපීනයට සංචාරයක් සදහා සහභාගී වීමත් පිලපීන ජනාධිපති රෝඩ්‍රිගෝ ඩුටර්ටේ හමුවීමත් පිළිබදව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් විවිධ කථා බහ ඇති වෙමින් පවති.

ඒ ජනපති මෛත්‍රි පාල සිරිසේන පිලපීන ජනපතිවරයා විසින් ගෙන ගිය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ පිළිවෙළ ප්‍රශංසාවට ලක් කිරීමත් සමගිනි. සිරිසේන ජනපතිවරයා ඩටර්ටේටේගේ අමානුෂිය මත්දුව්‍ය නිවාරන වැඩ පිළිවෙල හදුන්වා දුන්නේ එය මුළු මහත් ලෝකයටම ආදර්ශයක් බවයි. එතෙකින් නොනැවතුණු ඔහු තවදුරටත් කියා සිටියේ ”මගේ රටේ මේ වන විට නීති විරෝධී මත්දුන්‍ය වෙළදාම ඉතාමත් බහුල වෙමින් පවතිනවා. මම හිතන්නේ අපි මෙම උවදුරෙන් ගැලවීමට ඔබේ අඩි පාරේ යා යුතුයි යනුවෙනි.

ඇතැම් විට ජනපති වරයා මෙම බරපතල ප්‍රකාශය ඩුටර්ටේගේ වැඩ ගැන නොදැන කලාද යන්නත් සැක සංකා සහිතය.

මක්දුව්‍ය වෙළදාම මඩින්නට ගෝස් පිලපීන ජනපති ඩුටර්ටේ විසින් 2016 වසරේ ජූලි සහ නොවැම්බර් අතර කාලය තුළ පමණක් මරා දැමූ පිරිස 5000කටත් අධිකය. මානව හිමිකම් සංවිධාන විසින් පෙන්වා දුන්නේ ඩුටර්ටේ ගේ නියමයෙන් මරා දැමූ පිරිස ඊට වඩා වැඩි බවත් එය 12000 සිට 20000 දක්වා විය යුතු බවත්ය , ඔහු විසින් මේ සියල්ලන් මරා දැමුණේ කිසිදු නඩු විභාගයකින් හෝ තොරවය. සක සංකා සහිත සියල්ලන් අමු අමුවේ මරා දමන්නට නියෝග කළ පිලපීන ජනපති වරයා විසින් කිසිදු වරදක් නොකළ අහිංසකයින්ද මරා දැමූ බව නොඅනුමානය.

පසුගිය දෙසැම්බරයේ පිලපීන මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා විසින් ඉදිරි පත් කළ තොරතුරු අනුව ඒ වන විට මත්දුව්‍ය හේතු කොටගෙන පිලපීන ජනපති නියමයෙන් මරා දැමූ පිරිස 27000කට අධික විය. මිය ගිය මෙම පිරිසගෙන් බෙහෝමයක් නගරබද දුප්පත් තරුණයන්ය.මේ හේතුවෙන් දෙවසරක් තුළ සිර ගත කර ඇති පිරිස 164,265කි.
ඩුටර්ටේගේ මෙම අමානුෂීය මරා දැමීම් සහ සිර ගත කිරීම්වලට එරෙහිව මේ වන විට ජාත්‍යන්තර අපරාධ අධිකරනය විසින් මූලික විමර්ෂණ කටයුතු සිදු කරමින් සිටින්නේ නීතියට පටහැනි මෙම මරාදැමීම් මනුෂ්‍යත්වයට විරුද්ධ අපරාධ දැයි යන්න තහවුරු කර ගැනීම සදහාය.

ඔහු මිය ගිය පිරිස පිළිබද පවසන්නේ ” මේවා මට නිකම්ම නිකම් මළකුණු ” යැයි පවසමිනි.

සිරිසේන ජනපති මේ පිලපීනයට ගොස් ප්‍රශංසා කරන්නේත් අපි ඒ අඩි පාරේ යායුතු යැයි ප්‍රකාශ කරන්නේත් පිල පීනය ලේකයටම ආදර්ශයක් බව තහවුරු කරන්නේත් ඒ ඩුටර්ටේවය‍ . වසර දෙකක වැනි කාලයක් තුළ දහස් ගණණක් අමානුෂීය මෙන්ම නීතිමය ක්‍රියාමාර්ග විරහිතව මරා දැමූ ඒ වැඩ පිළිවලය.

මෛත්‍රී පාල සිරිසේන මේ සිදුවීම් ගැන හරි හැටි නොදැන එවැනි ප්‍රකාශයක් කළ බවට අපට හිත හදා ගන්නට නොහැකි වන්නේ පසුගියදා ඔහු විසින් මත් ද්‍රව්‍ය සම්බන්ධව අපරාධ කරුවන්ට මරණ දඩුවම ලබා දිය යුතු බවටක් ඒ සදහා බගය දීමට තමන් සූදානම් බවක් ප්‍රකාශ කිරීමත් සමගිනි.

මේ වන විට අපේ රටේ බරපතලම ගැටළුවක් බවට මත්දුව්‍ය ජාවාරම පත්ව ඇති බව පැහදිලිය පසු ගිය දා මිලියන 108 ක් වටිනාකමින් යුත් කෙකේන් තොගයක් එක් වර රට තුළට ගෙන ඒමට උත්සහා ගනිමින් සිටියදී අත් අඩංගුවට ගනු ලැබීය. වැඩිහිටි තරුණයන් පමණක් නොව පාසැල් යන කුඩා දරුවාද මේ වන විට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම නිසා රට මුහුණ දෙමින් සිටින්නේ විශාල අර්බුදයකටය. නමුත් සිරිසේන ජනපති වරයා එම අර්බුදය විසදීම සදහා ඔහු කී ලෙසම ඩුටර්ටේ ගේ අඩි පාරේ ගිය හොත් එය අසාධාරනය, මතු දුව්‍ය නිවාරණයට එහා ගිය මිනිස් අයිතිවාසිකම් කඩ කළ අමානුෂීය ක්‍රියා මාර්ගයක් පමණක් බවට එය පත් වනු ඇත.

සිරිසේන ජනපති වරයා සැබවින්ම කළ යුත්තේ පිලපීන ජනපතිගේ අඩි පාරේ යාමද නැත ඔහු අත තැබිය යුත්තේ මේ රටට මත් දුව්‍ය ගෙනැවිත් දමා පැත්තකට වී ලාභය භුක්ති විදින මුල් වලටය, ඒ මුල් ඒතී ඇත්තේ බෙහෝ විට රටේ දේශ පාලකයන් හෝ ව්‍යාපාරිතයන් වටා මිස හෙරොයින් හෝ මත් පෙති හෝ වෙනත් මත් දුව්‍යක් වෙත ඇබ්බැහී වී දිනපතා මිය යමින් සිටින දුප්පත් අහිංසකයින් වෙත නොවන බව ඩුටර්ටේ ගේ පාරේ යන්නට හදන සිරිසේන ජනාධිපතිවරයා හොදින් වටහා ගත යුතුව ඇත‍,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි