×

‘ඇයිද අපිව කල්ලතෝනි කරන්නේ?‘ – ශ්‍රී ලංකාවේ භික්ෂුනී ශාසනයේ ශෝකාලාපය

Sri Lanka's Bhikkuni nuns and their fight for identity papers by Saroj Pathirana - BBC ලිපියේ සිංහල අනුවාදය


‘‘හදවතට මහා දුකක් වේදනාවක් දැනෙනවා. මේ මුළු ජීවිතයම සාසනයට පූජා කරපු අපිව ඇයිද කල්ලතෝනි කරන්නේ? ඇයිද අපට වෙනම විදිහක් මේ රටේ…?“ එසේ අසන්නේ හල්පාන්දෙණියේ සුපේෂලා භික්ෂුනීන් වහන්සේ ය.

ආශ්‍රමයන්ගේ ජීවත් වීම පිණිස සිය දෙමාපියන් අතහැර පැමිණෙන අවුරුදු 6 වයසේ තරම් කුඩා සාමනේරවරියන් ද ලංකාවේ වෙති. ඔවුන්ට හැඳුනුම්පත් නැත. එහි අර්ථය නම්, ඔවුන්ට සරසවියට පිවිසීමේ වරම හෝ විදේශගත වීමේ වරම අහිමි බව ය.

‘‘මගෙ ජාතික හැඳුනුම්පත හදන්න බෑ කියල කියනවා. අපේ ලොකු භික්ෂුනින් වහන්සේටත් ඇඬුණා, පොඩි භික්ෂුනින් වහන්සේලාටත් ඒ අවස්ථාවේදි ඇඬුණා.. මටත් ගොඩක් දුක හිතුණා..“ එසේ පවසන්නේ සාමනේරවරියක වන අමුණුවත්තේ සමන්තභද්‍රිකා ය.

‘‘මට අවශ්‍ය සියලු ලිපි ලේඛන තිබුණත් බෞද්ධ කටයුතු අමාත්‍යාංශය මට හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා..‘‘

After a struggle, Samanthabhadrika was allowed to take her exams, but won't be able to vote - BBC

After a struggle, Samanthabhadrika was allowed to take her exams, but won’t be able to vote – BBC

‘‘මම දහම්පාසල් අවසාන විභාගය- ධර්මාචාර්ය විභාගය කරනවිට ගොඩාක් අපහසුතාවයන්ට ලක් වෙන්න සිද්ධ වුණා. නමුත් අපි ලංකාවෙ භික්ෂුණී ශාසනය ලෝකය අතරටම ගෙනියලා, භික්ෂුනීන් වහන්සේලාගේ සීල සම්පන්න ගුණ සම්පන්න භාවය ලෝකයට පෙන්නන්න උත්හාස කරනවා..“ ඒ පිළියන්දළ සුදීපා භික්ෂු සාමනේරවරියගේ හඬයි.

Nuns are not given ID and so they suffer a series of other restrictions bbc

Nuns are not given ID and so they suffer a series of other restrictions – BBC

ශ්‍රී ලංකාවේ 4000 කට වඩා වැඩි භික්ෂුනීන් වහන්සේලා පිරිසක් සිටිති. ඔවුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම, නොඑසේ නම් ඔවුන්ව රටේ නීත්‍යානුකූල පුරවැසියන් ලෙස පිළිගැනීම 2004 වසරේ පටන් නතර කර තිබෙන්නේ රටේ බලපෑම් සහගත මහනායක හිමිවරුන් විසින් මොවුන්ව ‘භික්ෂුනින් වහන්සේලා‘ ලෙස හඳුන්වන හැඳුනුම්පත් නිකුත් කිරීම නතර කරන ලෙස හෝ, ඔවුන්ව නීත්‍යානුකූල ලෙස පිළිගැනීම නතර කරන ලෙස රජයට කියා සිටීමෙන් පසුව ය.

එතැන් පටන් ලංකාවේ භික්ෂුනින් වහන්සේලා හා සාමනේරවරියන් හට අත් වී තිබෙන්නේ ඔවුන් සේවය කරන ප්‍රජාවෙන් ගරු බුහුමන් ලබන නමුත්, පුරවැසියන් වශයෙන් කිසිදු පිළිගැනීමක් නොමැති තත්වයකට පත් වන්නට ය.

රටේ ජ්‍යේෂ්ඨතම භික්ෂුනින් වහන්සේ ලෙස සැලකෙන කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුනිය BBC පුවත් සේවය සමග පැවසුවේ මෙයයි. ‘‘අපිට සලකන්නේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි අය විදිහටයි. අපිව ජීවිතයේ සෑම අංශයකදීම වෙනස්කම්වලට ලක් වෙනවා. අපි මේ බිමේ ඉපදුණු, බුදුන් වහන්සේගේ දියණිවරුන්. මේ වෙන කිසිවක් නෙවෙයි, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත වෙනස්කම්වලට ලක් කිරීමයි..“

කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුනිය, 1998 වසරේදී උපසම්පදාව ලැබූ විසි දෙනාගෙන් එක් අයෙකි.

වසර 1000කට ආසන්න කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ භික්ෂුනී ශාසනයක් පැවතුණේ නැත. දමිල චෝල රජුන්ගේ ආක්‍රමණයන් සමග ඔවුන්ගේ පැවැත්ම අර්බුදයට ලක් විය.

පසුව, 1998 වසරේදී පළමු වරට භික්ෂු සාමනේරවරියන් 20 දෙනෙකු හට උපසම්පදාව ලබාදීම සිදුකෙරිණි. ඒ වසරේ අග භාගය වන විට එම සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගියේය. මේ වනවිට ලංකාවේ භික්ෂුනී ශාසනයේ සාමාජිකාවන් 4000 කට වඩා සිටින බව කියැවේ.

කෙසේ නමුත් නායක හිමිවරුන් සහ භික්ෂුන් වහන්සේලා මේ පියවර ගැන ප්‍රසාදය පළ කළේ නැත.

මීළඟ බුදුන් පහළ වන තෙක් භික්ෂුනී ශාසනය පිහිටුවිය නොහැකි යැයි නායක හිමිවරුන් තර්ක කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ, ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය මුල් බැසගන්නා අවධියේ උපසම්පදාව ලත් භික්ෂුනින් වහන්සේලා නොසිටි නිසා මෙය කළ නොහැක්කක් බවයි. භික්ෂුනින් වහන්සේලා කියා පිරිසක් සිටින බව පිළිගැනීමට ද උන් වහන්සේලා විටෙක මැලි වෙති.

මන්තා භානි නමැති භික්ෂුවක් 1998 වසරේදී බීබීසී පුවත් සේවය සමග මෙසේ කියා ඇත. ‘‘බුදුන් වහන්සේ පවා භික්ෂුනී ශාසනයට අවසර දුන්නත්, උන් වහන්සේ එසේ කළේ පැකිළීමකින් යුතුවයි. මේ ලෝකය තුළ ස්ත්‍රීන් බෙලහීන පිරිසක් නිසා, අන් අයගේ හිරිහැරවලට ලක් වනු ඇතැයි උන්වහන්සේ කල්පනා කළා..‘‘

එයින් වසර 6ක ටපසු හැඳුනුම්පතක් ලබාගැනීමේ අයිතිය භික්ෂුනින් වහන්සේලා වෙතින් ඉවත් කරන ලදී.

එක් භික්ෂුනින් වහන්සේ නමකගේ හැඳුනුම්පත 2015 වසරේදී අලුත් කිරීමට යාමේදී එය නැති වී ඇතැයි ඇයට දැනුම් දී තිබිණි.

ඉනාමළුවේ හිමි ඇතුළු ලිබරල් හිමිවරුන්ගේ සහාය

එදා ලංකාවේ භික්ෂුනී ශාසනය නැවත පිහිටුවාලීමේ අරගලයට උපකාර කළ ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි වැනි ලිබරල් හිමිවරුන්ගේ සහයෝගය පමණක් ඔවුන්ට අද ලැබේ. එදා ඉනාමළුවේ සුමංගල හිමි එම වෑයම වෙනුවෙන් බොහෝ ජ්‍යේෂ්ඨ හිමිවරුන්ගේ විවේචනයට බඳුන් විය. ඉනාමළුවේ හිමි චෝදනා කරන්නේ භික්ෂුනී ශාසනයට විරුද්ධ වන්නන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට විරුද්ධ අය බවයි. බුදුන් වහන්සේගේ සමයේ ‘මහ නායක හිමිවරුන්‘ කියා පිරිසක් නොසිටි බව ද උන් වහන්සේ පෙන්වා දෙති. තවද නිවන් දැකීමෙන් පසුව බුදුන් වහන්සේ සියලු භික්ෂුන්ට පැවසුවේ සිය ඉගැන්වීම් අනුගමනය කරන ලෙස මිස, මහනායක හිමිවරුන්ගේ අවවාද පිළිගන්නා ලෙස නොවේ යැයි ද උන්වහන්සේ ප්‍රකාශ කරති.

මහනායක හිමිවරුන් වෙනුවෙන් ප්‍රකාශයක් සිදුකරන මැදගම ධම්මානන්ද හිමි අවධාරණය කරන්නේ සිය ස්ථාවරය බුදුන්ගේ ඉගැන්වීම මිස ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත වෙනස්කම්වලට ලක්කිරීමක් (gender discrimination) නොවන බවයි.

‘පූජ්‍ය‘ පමණක් දෙන්නම්!

බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, ආණ්ඩුව මේ ප්‍රශ්නයට පිළියමක් ලෙස ‘‘පූජ්‍ය‘‘ – Reverend යන්න භික්ෂුනීන් වහන්සේලා හැඳින්වීමේදී යෙදීමට සූදානම් බවයි.

නායක හිමිවරුන්ගේ උපදෙස් පැතීමේ නීිමය අවශ්‍යතාවයක් නොමැති බව පිළිගන්නා කාරියප්පපෙරුම මහතා, මේ පිළිබඳ අධිකරණ තීන්දුවලින් පසුව ‘සම්ප්‍රදායය නීතිය බවට පත්ව ඇත‘‘යි ද පැවසීය.

රජයේ විභාග, ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, බැංකු ගිණුමක් ආරම්භ කිරීමේ අයිතිය ඇතුළත්ව පුරවැසියන් වශයෙන් ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් මේ අනන්‍යතා අර්බුදය හමුවේ උල්ලංඝනය වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්

දැන් භික්ෂුනින් වහන්සේලා හට මේ අර්බුදය විසඳා ගැනීම සඳහා අධිකරණයේ සහාය පැතීමට සිදුව තිබේ. ඔවුහු මානව හිමිකම් කොමිෂන් සභාව සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතා සිටිති.

2015 වසරේදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කළේ මේ අර්බුදයේදී බෞද්ධ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ය.

නමුත් තවම කිසිවක් වෙනස් වී නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි