BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

ඇමරිකාවේ ශාන්ත ලුවී උසස් පාසලෙහි වෙඬි තැබීමකින් සැකකරු ඇතුළු තිදෙනෙක්මරු තුරුලට !

මියගිය අයවලුන් අතර 61 හැවිරිදි ගුරුවරියක් සහ 16 හැවිරිදි ගැහැණු ළමයෙක් විය.

ඉකුත් ඔක්තෝම්බර් 24 වන (සඳුදා) දින එක්සත් ජනපදයේ මිසූරි ප්‍රාන්තයේ ශාන්ත ලුවී හි උසස් පාසලක 19 හැවිරිදි තුවක්කුකරුවෙකු විසින් වෙඩිප්‍රහාරයක් දියත් කරන ලදී. ඔහුගේ වෙඩි පහරින් දෙදෙනෙකු මිය ගොස් තවත් හත් දෙනෙකුට තුවාල සිදු ව ඇත. එම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින්සැකකරුට වෙඩි තැබීමක් සිදුකල බව නගරයේ පොලිස් කොමසාරිස්වරයා පැවසීය.

තුවක්කු ප්‍රචණ්ඩත්වයකට තරම් කිසිදු ක්ෂණික චේතනාවක් මෙහිදී පෙනෙන්නට නැති නමුත්, ප්‍රහාරකයා මානසික රෝගයකින් පෙළෙන්නට ඇතැයි’ විශ්වාසකරන බවට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් කොමසාරිස් මයික් සැක් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ය.

පොලිසිය එම ස්ථානයට පැමිණීමත් සමඟ මධ්‍යම දෘශ්‍ය හා රංග කලා උසස් පාසලෙන් පලා යන සිසුන් වෙඩික්කරු රයිෆලයක් සන්නද්ධව සිටි බවටනිලධාරීන්ට පැවසා ඇත.

සැකකරු 19 හැවිරිදි ඔර්ලන්ඩෝ හැරිස් ලෙස හඳුනාගෙන ඇත. ඔහු පසුගිය වසරේ උසස් පාසලෙන් උපාධිය ලබා ඇති අතර පෙර අපරාධ ඉතිහාසයක්නොතිබූ බව’ සැක් වාර්තාකරුවන්ට පැවසීය.

මෙහි දී මියගිය අයවලුන් අතර 61 හැවිරිදි ගුරුවරියක් සහ 16 හැවිරිදි ගැහැණු ළමයෙක් විය. වෙඩි ප්‍රහාරයන් සියසින් දැකගත් අය සහ අනෙකුත් පිරිසකම්පනයට පත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා කරයි.


ඡායාරූප; අන්තර්ජාලය
නිපුනි ලියනගේ

ඔර්ලන්ඩෝ හැරිස්
16 හැවිරිදි ගැහැණු දැරිවිය
61 හැවිරිදි ගුරුවරිය




ඔස්කාර් සම්මානලාභී ෆ්ලෑෂ් ඩාන්ස් ගායිකා අයිරින් කාරා මිය යයි

කලාපයේ සහ ලෝකයේ සාමය වෙනුවෙන් එක්ව වැඩ කිරීමට බීජිං සූදානම් බව ෂී කිම්ට දැනුම් දේ.

Amazonහි සේවකයන්ගේ කළු සිකුරාදා දින පාගමන

අතුරුදන් වූ ගංජා කිලෝ සිය ගණනක් වෙනුවෙන් ඉන්දීය පොලීසිය මීයන්ට චෝදනා කරයි.

ජිද්දා නගරය ගංවතුරින් යටවේ; නිල මරණ සංඛ්‍යාව දෙකක්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා ඇමරිකාව තුළ Huawei තහනම්

බටහිර යුරෝපයේ තාප තරංග හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි.

කුසගින්නෙන් හඬන ඇෆ්ගන් දරුවන්ට මතිපෙති දෙන ඇෆ්ගනිස්ථානුවන්

error: Content is protected !!
error: Content is protected !!