×

F.R.I.E.N.D.S හී යන්(ග්) ඊතන් ගෙල වළලා ගැනීමෙන් මිය යයි!

මේ ගෙවෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් කතාමාලාව සදහා එතරම් හොඳ කාලයක් නම් නොවේ.


ෆ්‍රෙන්ඩ්ස් සහ හයිලෑන්ඩර් හි පෙනී සිටි ස්ටැන් කිර්ෂ් ඔහුගේ ලොස් ඇන්ජලීස් නිවසේදී මියගොස් ඇත.

නළුවාගේ බිරිඳ ක්‍රිස්ටීන් ග්‍රීන් සිය චිත්‍රාගාරයේ ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කරමින් කියා සිටියේ 51 හැවිරිදි ඔහු ජනවාරි 11 වනදා මිය ගිය බවයි.

ඇය ඔහුගේ මළ සිරුර නාන කාමරය තුළ දී සොයාගෙන ඇති බවට විශ්වාස කෙරෙන අතර ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව ප්‍රකාශ විය.

ලොස් ඇන්ජලීස් වෛද්‍ය පරීක්ෂක තීන්දු කළේ කිර්ෂ් ගෙල වළලා ගැනීම නිසා මිය ගිය බවයි.

කිර්ෂ් රූපවාහිනී වැඩසටහන් කිහිපයකම පෙනී සිටි අතර නිෂ්පාදකවරයකු සහ කීර්තිමත් රංගන පුහුණුකරුවෙකු ද විය.

නළුවෙකු ලෙස ඔහුගේ වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ හයිලෑන්ඩර් කථාමාලාව ඔස්සේය. 1990 දී ප්‍රදර්ශනය වූ එහි රිචී රයන්ගේ චරිතය්ට පණැ පෙව්වේ ඔහුය.

1995 දී ඔහු ෆ්‍රෙන්ඩ්ස් කතාමාලාවේ එක් කොටසකට රංගනයෙන් එක් වූයේ මොනිකා හා හාද වී සිටි අඩු වයස් තරුණයා ලෙසය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි