×

ජපානයේ ප්‍රාන්ත 39ක හදිසි තත්ව නියෝග ඉවතට

නව ආසාදන වාර්තා වීම තියුනු ලෙස පහත වැටීම හේතුවෙන් ජපානය ප්‍රාන්ත 47 න් 39 ක්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීමට පනවා තිබූ හදිසි තත්වය ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.


නව ආසාදන වාර්තා වීම තියුනු ලෙස පහත වැටීම හේතුවෙන් ජපානය ප්‍රාන්ත 47 න් 39 ක්ම කොරෝනා වෛරසය ව්‍යාප්තිය වළක්වා ගැනීමට පනවා තිබූ හදිසි තත්වය ඉවත් කිරීමට එරට රජය පියවර ගෙන ඇත.

හදිසි තත්ව නියෝගය තවමත් නව ආසාදිතයන් දිනපතා මතුවෙමින් පවතින ටෝකියෝ, ඔසාකා සහ උතුරු දූපතේ හොක්කයිඩෝ යන ප්‍රදේශවල අදාළ වේ.

අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පැවසුවේ ජපානයේ ආසාදන අනුපාතය රටේ උපරිමයෙන් හතෙන් එකක් දක්වා අඩු වී ඇති බවයි. සුපරීක්ෂාකාරී වෙමින් වෙස් මුහුණු පැළඳිය යුතු අතර සමාජ දුරස්ථ බව පිලිබද නීති අනුගමනය කරන්නැයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. “හැකි නම්, මැයි 31 ට පෙර, අනෙකුත් කලාප සඳහා ද හදිසි තත්වය ඉවත් කිරීමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු,” අබේ මහතා පැවසීය.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව රට තුළ ආසාදන 16,049 ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 678 ක් වෛරසයෙන් මියගොස් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි