×

බ්‍රෙක්සිට් ගිවිසුම පමා වීම නතර කරන්න, බොරිස් ජොන්සන්ගෙන් ඉල්ලීමක්

මේ වන විටත් මෙම ආන්දෝලනාත්මක බ්‍රෙක්සිට් ගිවිසුම නිසා බ්‍රිතාන්‍යයේ විවිධ දෙකඩවීම් සිදුවී ඇත.


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා බ්‍රෙක්සිට් ගිවිසුම ප්‍රමාද වීම නතර කරන ලෙසට යුරෝපා සංගමයෙන් (EU) ඉල්ලීමක් කර ඇති බවට ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

බිත්‍රාන්‍ය අග්‍රාමාත්‍යවරයා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ ගිවිසුම අනුමත කර ගැනීමට තවදුරටත් පමා වන්නේ නම් ඊට එරෙහි හදිසි නීති කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තීරණය කර ඇති බවටද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.

බ්‍රෙක්සිට් ගැටළුව හමුවේ බිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ වන තුරුත් නිසි ප්‍රගතියක් පෙන්වා නොමැති අතර, එළඹෙන ඔක්තෝබර් 31 වන දිනට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිත ය. ජොන්සන් ගේ නොහැකියාව මත මෙම දිනය පමා වන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත ක්‍රිියාමාර්ගය ගනු ඇති බවට ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

කෙසේවෙතත්, මේ වන විටත් මෙම ආන්දෝලනාත්මක බ්‍රෙක්සිට් ගිවිසුම නිසා බ්‍රිතාන්‍යයේ විවිධ දෙකඩවීම් සිදුවී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි