×

පියැසි ඉරා දමමින්, ගුවන් යානා තල්ලු කරමින් මාරක ඉයුනිස් එංගලන්තයේ යකා නටයි!

පියැසි ඉරා දමමින්, ගස් මුලින් ගළවා දමමින් ඉයුනිස් සුළි සුළඟ, එංගලන්ත ඉතිහාසයේ වේගයෙන් අධිකතම සුළි කුණාටුව බවට පත් ව තිබේ.


ගුවන් යානා, ගුවන් ධාවන පථ මත තල්ලු කර දැමීමට තරම් ඉයුනිස් සුළි කුණාටුව වේගවත් ව සහ බලවත් ව ඇත.

මිලියන ගණනක් එංගලන්තය වැසියන් මර බියට පමුණුවා ඇති මෙම සුළි සුළඟ, ‘ජීවිත හානි’ ඇති කරන මට්ටමේ එකක් බව එක්සත් රාජධානි කාලගුණික දෙපාර්තමේන්තුව විසින් පවසා තිබේ.

මෙම “danger-to-life” හෙවත් ‘ජීවිත තර්ජන’ අදියරේ අනතුරු ඇඟවීමක් එරට කාලගුණික දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන්නේ ඉතා කලාතුරකිනි.

දකුණු දිග එංගලන්තයේ සහ වේල්සයේ ඇතැම් පළාත්වලට බලපෑ මෙය, මේ වන විට පැයට කිලෝමීටර 122 ක වේගයක් අත්පත් කර ගෙන තිබේ.

අයර්ලන්තය ද ඉයුනිස් නිසා බලපෑමට හසුව ඇති අතර, එක් මරණයක් වාර්තා වේ. එම තැනැත්තා මරණයට පත් ව තිබෙන්නේ සුළං පහර නිසා පෙරළී ගිය ගසකට යට වීමෙනි.

ලන්ඩනයේ ලෝක ප්‍රකට O2 ඇරීනා ද සුළි කුණාටුවෙන් දැඩි හානියට පත් ව ඇත.

Damage to the roof of the O2 Arena. Photo credit should read: Stefan Rousseau/PA Wire

PA Wire

 

 

ඡායාරූප : CNN/ PA Wire



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි