×

කුණාටුවක් විසින් අවදි කළ, වසර 4500 උදම් යට නිදා උන් රජදහන

වා සැබවින්ම මෙතෙක් කල් මුහුද යට සැගවී අමුතුම ආකාරයකින් හැඩ වී ඇත.


පසුගියදා වේල්සයට හමා ආ හැනා කුණාටුව කරදර පිට කරදර ගෙන ආවද කුණාටුව විසින් වෙල්සයේ ජනතාවට ඉතා වටිනා ත්‍යාගයක්ද ලබා දී ගොස් ඇත.
එය මීට වසර 4500කට පෙර පෙළොව තුළ සැගව ගිය වනාන්තරයකි. මුහුදු සීමාවට වැඩි දුරක් නොවු මෙම වන රජධානිය යින්ස් ලාස් සහ බොර්ත් අතර පිහිටි වෙරළ තීරයට සැතපුම් තුනක් දුරින් පිහිටා තිබිණි. අකීතයේදී මුහුදු ජලයට යටව ගියා යැයි සැළකෙන මෙම වනාන්තරයේ ෂේෂ වූ මතකයන් තවමත් සෙමින් මිය යමින් ජලය යට ජීවත් වී ඇති ලෝකයටම දැක ගත හැකිව ඇත.
පසුගියදා පැමිණි කුණාටු සහ උදම් හේතුවෙන් මේ ප්‍රාග් ඓතිහාසික වන රජදහනෙහි නටබුන් වෙරළෙහි උඩට මත් වී ඇත.
ඒවා සැබවින්ම මෙතෙක් කල් මුහුද යට සැගවී අමුතුම ආකාරයකින් හැඩ වී ඇත. ගස් කදන් සහ මුල් මේ දක ගන්නට ලැබුනේ වසර 4500කට පසුව වුවත් එහි සුන්දරත්වය තව තවත් වැඩි වී ඇත. මේ එහි ඡායාරූප කිහිපයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි