නිව්යෝක් සිටි සහ නිව් ජර්සි ජනපදයට පෙර නොවූ විරූ වර්ෂාපතනයක් ලැබී තිබේ.
ජනපද 6 කින් ජීවිත හානි වාර්තා වේ. ඒ අනුව නිව්ජර්සි ජනපදයෙන් අවම වශයෙන් මරණ 23 ක් ද, නිව්යෝක් සිටි වෙතින් මරණ 14 ක් ද වාර්තා විය. නිව්යෝක් සිටි වෙතින් වාර්තා වූ මරණ අතර, වයස අවුරුදු 2 ක් වන දරුවෙකු ද සිටියි. මිය ගිය අය අතරින් 11 දෙනෙක් මරණයට පත් ව සිටින්නේ ඔවුන් රැඳී සිටි නිවසේ යටිමහල තුළ ජලය පිරී යාම නිසා ය.
පෙන්සිල්වේනියා ජනපදයෙන් මරණ 5 ක් වාර්තා විය. මේරිලන්ඩ් සහ වර්ජිනියා ජනපදවලින් ද මරණ වාර්තා වේ.
නිව්ජර්සි සහ නිව්යෝක් ජනපදවල හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
මේ අතර, ඇමරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කරන්නේ දේශගුණික විපර්යාස සමග කටයුතු කිරීමට නම් ලෝකය විසින් ඓතිහාසික ආයෝජනයක් කළ යුතුව ඇති බවයි.
ඇමරිකාව මේ වන විට ‘දේශගුණික විපර්යාස වලට සම්බන්ධ විනාශයක්‘ අත් විඳිමින් සිටින බව ද ඔහු පැවසුවේය.
එය ‘ජීවිතය හා මරණය අතර ප්‍රශ්නයක්‘ බවට පත් ව ඇති බව ද බයිඩන් තවදුරටත් ප්‍රකාශ කළේය.
‘අයිඩා‘ ගැන පෙර ලිපි
‘කැට්‍රිනා‘ටත් වඩා දරුණු ‘අයිඩා‘ ට බියෙන් දහස් සංඛ්‍යාත ඇමරිකානුවෝ පළා යති