×

ඉන්දුනීසියානු සුනාමියෙන් අතරමං වූ ඉබ්බන්

මෙහිදී ගොඩ ගැසූ ඉබ්බන් 30 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට මේ වන විට සිදු විය හැකි වී ඇති අතර ඉබ්බන් බේරා ගැනීම සඳහා 7 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කර ඇත.



මිනිස් ජීවිත 430 දෙනෙකුගේ ජීවිත අහිමි කළ ඉන්දුනීසියාවේ ඇති වූ සුනාමි තත්ත්වය හෝතුවෙන් අහිමු වූ ජීවිත හා දේපළ අතරේ අසරණ වූ තවත් පිරිසක් වෙත පිළිසරණ වන්නට එහි ස්වේච්ඡාවෙන් කටයුතු කළ සහායක කණ්ඩායමකට හැකිව තිබේ. එනම් සුනාමි අවස්ථාවේදී මුහුදේ සිට ගොඩ බිමට තල්ලු වී ආ ඉබ්බන් රැසක් බේරා ගැනීමය. ජාවා සහ සුමාත්‍රා දූපත් යා කරන සුන්ඩා සමුද්‍ර සන්ධියෙහ් වෙරළ ආශ්‍රිතව මෙ සුනාමි තත්ත්වය ඇතිවිය.

මෙහිදී ගොඩ ගැසූ ඉබ්බන් 30 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට මේ වන විට සිදු විය හැකි වී ඇති අතර ඉබ්බන් බේරා ගැනීම සඳහා 7 දෙනෙකුගේ කණ්ඩායමක් පත් කර ඇත.

සුනාමිය විසින් අසරණ කළ ඉබ්බන් අතරේ ඇතැම් සතුන් කිලෝ ග්‍රෑම් 200ක් පමණ බර බව ඉබ්බන් මුදවා ගැනීමේ කණ්ඩායම පවසයි.
බේරාගත් ඉබ්බන් අතර විවිධ දුර්ලබ ගණයේ ඉබ්න්ද සිටින බව ඔවුන් පවසයි. ඔවුන්ගෙන් සමහරක් වෙරළේ සිට කිලෝ මීටරයක් තරම් දුරට ගසා ගෙන ගොස් ඇති බවද සොයා ගන්නා විට බෙහොමයක් දෙනා සිය කටුව තුල සැඟවී නොසෙල්වී සිටිනු දැකිය හැකි වී ඇත. කාලයක් තිස්සේ මුහුද යට ජීවිත ගෙවූ මෙම විශාල ඉබ්බන්ට ගොඩ බිම නුපුරුදු බැවින් හා සුනාමියේදී ඇතිවූ කම්පනයන් හේතුවෙන් ඔවුන් සමහරෙක් වඩා හොඳ සෞඛ්‍ය මට්ටමක නොවන බවද මුදවා ගැනීමේ කණ්ඩායම පවසයි. මේ අතර ඇතැම් පිරිසක් විසින් ආහාරය සඳහා මෙසේ සුනාමියෙන් අතරමංවූ ඉබ්බන් සුනාමි සුන් බුන් අතරේ සොයමින් ඇවිදින අවස්ථාද දැකිය හැකි බව වාර්ථා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි