×

ජර්මනියේ පොදු ප්‍රවාහනය නවතියි

රාජ්‍ය අංශය පුරා මිලියන 2.5 ක් පමණ සේවකයින් මෙම වැඩ වර්ජනයට සම්බන්ධව ඇත.


ජර්මනියේ විශාලතම වෘත්තීය සමිති දෙකක් වැඩවර්ජනය කිරීමත් සමඟ පොදු ප්‍රවාහණය ඇණහිට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශය පුරා මිලියන 2.5 ක් පමණ සේවකයින් මෙම වැඩ වර්ජනයට සම්බන්ධ වන අතර ගුවන් තොටුපළ, වරාය, දුම්රිය, බස්රථ සහ උමං මාර්ගවල කාර්ය මණ්ඩලය පැය 24ක අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කර ඇත. ඉහළ යන ජීවන වියදම් වලට සාපේක්ෂව ඔවුන් මෙහිදී 10.5% ක වැඩි වැටුප් ඉල්ලා තිබේ.

එමෙන්ම රටේ විශාලතම ගුවන් තොටුපළවල් දෙකක් වන මියුනිච් සහ ෆ්‍රැන්ක්ෆර්ට් ඇතුළුව ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර ඇති බව වාර්තා වන අතර ජර්මනියේ ගුවන් තොටුපළ සංගමය පැවසුවේ වර්ජනය හේතුවෙන් ගුවන් මගීන් 380,000 ක් පමණ අසීරුතාවයට පත්ව ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි