×

ඉතාලියේ කොවිඩ් මරණ වලින් 89% ම වෛරසයේ සෘජු බලපෑම මත සිදූවූ බවට හෙලිවේ!

එසේ නම් ඉතාලි රජය ජනතාව මුලා කරනවා ද?


ඉතාලියේ සිදූවූ සෑම කොවිඩ් ආශ්‍රිත මරණයන් 10කින් 9ක් ම වෛරසයේ සෘජු බලපෑම මත සිදුවී ඇති බවට වාර්තා වේ.

එරට සිදුකළ අධ්‍යයන වාර්තාවක් හරහා පෙන්වා දෙන්නේ, මෙමඟින් මරණයට පත් පුද්ගලයින් අතිබහුතරයක් වෛරසයේ සෘජු බලපෑම මත මරණයට පත්ව ඇති බවත්, එය වඩාත් ම බලපා තිබෙන්නේ ඉතාලියේ උතුරු කලාපයේ බවත් ය.

ඉතාලියේ මේ වන විට කොවිඩ් ආශ්‍රිත මරණ 35,000 පමණ සිදුව තිබේ.

ඉතාලියේ ජාතික සංඛ්‍යාලේඛන ආයතනය (ISTAT) හා උසස් සෞඛ්‍ය ආයතනය (Superior Health Institute) විසින් කොරෝනා ආශ්‍රිත මරණ 4,924 ක නියදියක් පරීක්ෂා කිරීමෙන් සිදුකරන ලද අධ්‍යයනකින් පෙන්වා දුන්නේ සිදුවූ මරණ වලින් 89% කට ම සෘජුව බලපා තිබෙන්නේ කොරෝනා වෛරසය බවයි.

ඉතිරි 11% ක පමණ මරණයන් සිදුව පවතින්නේ එම පුද්ගලයන් හට පැවති වෙනත් රෝගී තත්වයන් මත බවද එම අධ්‍යයන වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර, හෘද රෝග, පිළිකා තත්ව, හා ඩිමෙන්ෂියා තත්ත්ව පැවතීමට ඉඩ තිබූ බව එය වැඩිදුරටත් ‍පෙන්වා දෙයි.

කෙසේවෙතත්, එරට සෞඛ්‍ය බලධාරීන් මෙම සංඛ්‍යායන දත්ත හා එකඟ නොවන බවක් පනෙන්නට තිබේ.

ඔවුන් පවසන්නේ වෛරසයේ බලපෑමට අමතරව වෙනත් සාධක මත ද මරණයන් සිදුවූ බවයි.

එමඟින් මෙම අධ්‍යයන වාර්තාවන් තුළින් පෙන්වා දී තිබෙන කරුණු හා ඉතාලි රජය විසින් නිකුත් කරන ලද තොරතුරු අතර නොගැලපීමක් මතුව තිබේ.

එමෙන්ම කොරෝනා ආශ්‍රිත මරණයන් වලට වෛරසය සෘජුවම බලපෑවේ ද යන්න පිළිබඳ මත ගැටුමක් හට ගෙන තිබෙන බව ද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එමඟින් ඉතාලි රජය සත්‍ය තොරතුරු එරට ජනතාවට වසන් කරන්නේ ද යන සාධාරණ සැකය මතුවීමට පටන් ගෙන තිබේ.

මෙම අධ්‍යයන වාර්තාව සඳහා අදාළ මරණ නියදිය සලකනු ලැබ ඇත්තේ ඉකුත් මැයි මස ඉතාලියේ සිදුවූ කොරෝනා ආශ්‍රිත මරණයන් ය.

එම මරණ අතර 79% ක ගේ ම නියුමෝනියා තත්ව මත හටගත් මරණ වලට සෘජුවම බලපා තිබෙන්නේ කොරෝනා වෛරසය බවට එම වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම 28.2% ක පමණ මරණ අතර වෛරසය හැරෙන්නට වෙනත් කිසිදු රෝගී තත්ත්වයක් හමු නොවූ බව ද  එය අනාවරණය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි