×

ලෝකයේ රටවල් 64%ක් ඒකාධිපති පාලන ක්‍රමයන් වෙත යොමු වෙමින් සිටී.

World Justice Project අනාවරණය කරයි.


ලෝකයේ ඒකාධිපති නායකයින් වැඩිවෙමින් පවතින බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
මේ වන විට ලෝකයේ රටවල් බෙහෝමයක නායකයින් වෙන්වෙන් තමන් පාලනයේ රැදී සිටීමට නීති රීති සකසමින් හා තවත් අනුප්‍රාප්තිකයෙක් හට ඉඩ නොදී සිටීමෙන් ඒකාධිපති පාලනයන් ගෙන යමින් සිටීමේ ප්‍රවණතාවක් ඇතැයි World Justice Project මගින් එළි දැක්වූ වාර්ෂික නීතිය හා පාලන දර්ශකය මගින් පෙන්වා දී ඇත.

ඊට අනුව පසුගිය වසර 4 පුරා ඒකාධිපති පාලනයක් කරා පරිවර්ථනය වෙමින් තිබෙන රටවල් අතරේ ඉහළින්ම සිටින්නේ පෝලන්තයයි. බොස්නියාව, හර්ස්ගොවීනියා සහ සර්බියාව ඊට පසු පිළිවලින් සිටී. පසුගිය වසර තුළ  ලෝකයේ රටවල් 126ක් අතරින් සියයට 64ක්ම ඒකාධිපති පාලන තන්ත්‍රයන් කරා යොමු වෙමින් පවතින බව මෙම වාර්ථාව මගින් පෙන්වා දී ඇත.

බහුතරයක් රටවල් නීතිය මත පාලනයෙන් බැහැරවී ඒකාධිපති පාලන ක්‍රමවේදයක් කර යොමු වෙමින් පවතින බව මෙමගින් අනාවරණය වී ඇත. World Justice Project හී අධ්‍යක්ෂ එළිසබත් ඇන්ඩර්සන් පවසන්නේ බොහෝ රාජ්‍ය්‍යන් හී නීතිය සහ නීතිය සම්බන්ධ ආයතනයන් නීතිය විසින් නොව පෞද්ගලික හා දේශපාලනික වුවමනාවන් මත බලපෑමට ලක්ව ඇති බව පවසයි.

ඊඨ අමතරව ගෝලීය වශයෙන් දෙවනුව දැකිය හැකි පාලන ප්‍රවණතාව වන්නේ මිනිස් මූලික අයිතිවාසිකම් සහ විවෘත රාජ්‍යයන් විසින් අනුගමනය කරනු ලබන අපරාධ සම්බන්ධ අධිකරණ ක්‍රියාවලියයි. ලොකයේ රටවල් අතර සියයට 70%ක් ජීවිතය සදහා ඇති අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ආගම ඇදහීමට ඇති අයිතිය යන කරුණු සම්බන්ධව පසුබැසීමක් පෙන්වයි.

රටවල් 126ක් යොදාගනිමින් පවුල් 120000 මත විශේෂඥයින් 3800ක් විසින් සිදු කරන ලද මෙම සමීක්ෂණයන් ප්‍රධාන කරුණු 8ක් සම්බන්ධව නීතිය මත පාලනය ක්‍රියාත්මක වන ආකාරය සමීක්ෂණය කර ඇත. රාජ්‍ය බලයන් මත සංරෝධක, දූෂණ අවම වීම, විවෘත රාජ්‍ය පාලනය, මූලික අයිතිවාසිකම්, නීතිය සහ ආරක්ෂාව, නීති බලාත්මක කිරීම, පොදුජන යුක්තිය, අපරාධ නීතිය යන්න එම අංශයන් අටයි.

මෙම මූලික අංශයන්ගේ පහත බැස්මක් මූලික වශයෙන් රටවල් 18ක දැකිය හැකි අතර රටවල් 14ක තත්ත්වය ඉහළ ගොස් ඇති බව සමීක්ෂණය මගින් පෙන්වා දෙයි.

මෙම අංශයන්ගේ දියුණුවක් පෙන්වන මූලිකම රටවල් දෙක වන්නේ ආජන්ටිනාව සහ එස්ටෝනියාවයි.

නමුත් 2015 වසරේ සිට ලෝකයේ කිසිම රටක් සිය රට තුළ නීතිය මත පාලනය යන්න වැඩි දියුණු කරගෙන නොමැති බව මෙම සමීක්ෂණය මගින් අනාවරණය කරගෙන ඇත‍



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි