×

”සුඩානය” හෙට වෙනස් වෙයිද?

සුඩානයේ ඇතිවූ දේශපාලන සිදුවීම් සහ අද වන විට තත්ත්වය පිළිබද කෙටි සටහනක්


වසර 30ක් තිස්සේ සුඩානය පාලනය කරමින් සිටි ජනපති ඔමාර් අල් බෂීර් හට ධූරයෙන් ඉවත් වන්නැයි ඉල්ලා හට ගත් විරෝධතා තවත් මානයකට යොමු වූයේ එරට හමුදාව විසින් ජනපති පුටුව තමන් අතට පත් කර ගැනීමත් සමගිනි. අල් බෂීර්ට ගෙදරට යන්නට සිදු වූවත් ජනතාව සිය විරෝධතා අවසන් නොකර දිගින් දිගටම පවත්වාගෙන යන්නට විය.

ජනතාවට අනුව එරට හමුදා පාලකයන් යනු හිටපු ජනපති ඔමාර් අල් බෂීර්ගේම සෙවනැල්ලක් පමණකි.

සුඩානයේ ඇතිවූ දේශපාලන සිදුවීම් සහ අද වන විට තත්ත්වය පිළිබද කෙටි සටහනක්.


පසුගිය දෙසැම්බරය වන විටත් රටේ ආර්ථික කඩා වැටීම සම්බන්ධව අල් බෂීර්ගේ රායෙන් පිළියමක් නොලැබීමත් සමග වසර ගණනාවක් තිස්සේ පීඩනයට ලක් වෙමින් සිටි ජනතාව රජයට එරෙහිව විරෝධතා ආරම්භ කරන ලද්දේය . සුඩානයට එරෙහිව ඇමරිකානු සම්බාධක මෙන්ම ඉන්ධන මගින් ලාභ නොලැබීම සුඩානයේ ආර්ථක පරිහානියට මූලිකම හේතූන් වෙයි. සීග්‍රයෙන් සිය ජීවන වියදම වැඩිවීමට එරෙහි වන්නට ජනතාව මෙසේ වීදි බසින ලදී. මුලින්ම ආර්ථක පරිහාණයට එරෙහිව පාරට බසින ලද ජනතාවගේ මීලග ඉල්ලීම වූයේ වසර 30ක් තිස්සේ තමන්ව පාලනය කළ ඔමාර් අල් බෂීර්ට සිය දූරයෙන් ඉල්ලා අස්වන ලෙසයි. දිගින් දිගටම අකණ්ඩව පැවති විරෝධතාවන්ගේ කූටප්‍රාප්තිය සිදුවන්නේ පසුගිය අප්‍රේල් 6 වෙනි දිනයි. ඒ 1985 වසරේදී ඒකාධිපති ජෆාර් නිමේරි ධූරයෙන් පහ කළ සාමකාමී ජනතා විරෝධතා ව්‍යාපාරයේ සංවත්සරය යොදී තිබූ දිනයයි. විරෝධතාව මූලික ලෙසම මෙහෙය වූයේ එරට වෛද්‍යවරුන්, නීතිඥයන් මූලික වූ  සුඩාන් වෘතිකයන්ගේ සංගමය විසිනි. විරෝධතා කරුවන් අතරේ වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වූ අතර ඔවුන්ගේ දායකත්වය සියයට 70කි.

ජනපති ඔමාර් අල් බෂීර් ව යටත් කොට අවාද් ඉබ්න් ඇතුළූ ආරක්ෂක හමුදාව සුඩාන රජය අත්පත් කර ගත්තේ ඉන් අනතුරුවයි. ඉන්පසු සුඩානයට මිල්ටරි රජයක් පැමිණියද ජනතාව කිසිසේත් ඔවුන්ගේ අණට කීකරු නොවූහ. මිලිටරි ආණ්ඩුව යටතේ පැනවූ ඇදිරි නීතිය පවා විරෝධතා කරුවන් නොපිළිගත්හ.

තමන් එපා යැයි කියා විරෝධතා පෑ ඔමාර් අල් මොබෂීර් ජනපතිවරයා වෙනුවට හුමුදා ආණ්ඩුවක් ලැබීම පිළිබද සිය ප්‍රතික්ෂේපය ප්‍රකාශ කරන්නට ඔවුහු ආරම්භ කළහ.

මේ අතර ලෝකයේම අවධානය යොමු කරමින් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩාන නායකයින්ගෙන් ඉල්ලීමක් කළ සේක

උන්වහන්සේ මේ දිනවල දකුණු සුඩානයේ සංචාරයක නිරතව වෙමින් සිටින අතර තුර ඉල්ලීම් සිදුකර තිබුණේ දකුණු සුඩාන නායකයින්ගේ දෙපතුල් සිපගනිමිනි. දකුණු සුඩාන දේශපාලන නායකයින්ගේ යුද ගැටුම්වලට මැදිවී සිටින එරටට සාමය රැගෙන එන ලෙස පාප්වහන්සේ ඉල්ලා සිටිසේක.

සුඩානයේ ඇතිව ඇති මෙම තත්ත්වය පාප්වහන්සේගේ හමුවෙන් පසුව එරට දේශපාලන නායකයින් සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන බවට ඔවුහු පොරෝන්දු වී ඇති බව ජාත්‍යන්තර මිධ්‍ය වාර්ථා කරනු ලැබීය‍

පත්වූ හමුදා රජය විසින් ප්‍රකාශ කරන ලද්දේ ඉදිරි මාස තුනක් යන තුරු හදිසි නීතිය යටතේ රට පාලනය කරනු ඇති බවද ඉන් ඉදිරියටද වසර දෙකක් යන තුරු සිවිල් පාලනයක් සදහා යොමු වූ  සංක්‍රාන්තික කාලයක් පවතිනු ඇති බවත්ය.
හමුදා නායක ලුතිනන් ජෙනරාල් අවාද් ඉබ්න් අවුෆ් ප්‍රකාශ කරන ලද්දේ තම හමුදා රජය විසින් රටේ දූෂණ සම්බන්ධව නීරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ වන විට හිටපු ජනපතිවරයා හමුදා භාරයේ සිටින අතර හමුදාව විසින් බලය අල්ලා ගැනීමෙන් පසු ඔහු ජනතාව ඉදරියේ පෙනී නොසිටියේය. ඔහුට අවශ්‍ය වූයේ විරෝධතා මැඩ පැවැත්වීම සදහා යුධ අපරාධ සිදු කිරීමට බැවිනි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අවධානයද ඔහු කෙරේ යොමු වී ඇත. නමුත් පවතින තත්ත්වයද සමග මේ වන විට පවතින්නේ හමුදා පාලනයක් බැවින් ඔහුව සුඩානය තුළදීම හමුදා අධිකරණය වෙත යොමු කිරීමට කටයුතු කෙරෙනු ඇත.

හමුදා පාලනය තහවුරු කිරීම සදහා පසුගියදා හමුදා නායක ජෙනරාල් අවාද් ඉබ්න් විසින් දිවුරුම් දෙනු ලැබීය. නමුත් ඊයේ නැවතත් ඔහු සිය ධූරය භාරගෙන පැය 24ක් යද්දීම එම ධූරයෙන් ඉල්ලා අස් විය. ඒ අනුව ඔහු සිය අනුප්‍රාපිතිකයා ලෙස ලුතිනන් ජෙනරාල් ආබ්දෙල් ෆාටා අබ්දේල්රහුමාන් බුරන් නම් කරන බව දැනුම් දුන්නේය.

නමුත් තවමත් විරෝධතාකරුවන් වීදි වල දැකිය හැකි අතර ඔවුන් කෙසේවත් සිය විරෝධතා හකුලුවා ගැනීමට සූදානමක් නැති බව ප්‍රකාශ කරමින් සිටියි.
විරෝධතාකරුවන් පවසන්නේ හමුදා රජයද හිටපු ජනපතිවරයාගේම දිගුවක් වනු ඇති බවයි.
නමුත් අවාද් ගේ ඉල්ලා අස්වීම සහ නව නායකයා ලෙස බුරාන් පත්වීම ගැන විරෝධතා කරුවන් සිය ජයග්‍රහණයේ කොටසක් ලෙස අර්ථ දක්වා ඇත.
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පමණක් විරෝධතාවලට සහභාගී වූවන් 16ක් දෙනා වෙඩි තබා ඝාතනය කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි