×

ඉන්ධන මිල ඉහළ යෑමට විරුද්ධව සුඩානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ උත්සන්න වේ.

පසුගිය වසර තුළ සුඩානයේ පාරිභොගික භාණ්ඩ බොහෝමයක මිල දෙගුණයකින් ඉහළ ගිය අතර එරට උද්ධමනය 70%කින් ඉහළ යන ලදී. මේ සියල්ල ඩොලරයට සාපේක්‍ෂව එරට මුදල් ඒකකය පහත වැටීමත් සමග හට ගත් තත්ත්වයන්ය.


සුඩාන ජනපති ඔමාර් අල් බෂීර්ගේ රජයට විරුද්ධව එරට ජනතා ව්‍යාපර කිහිපයක් සිදු කරගෙන යන රාජ්‍ය වීරෝධී ව්‍යාපාරයේ පස් වන දිනය අදයි. මේ වන විට සුඩානය පුරා පැවැත්වෙන මෙම විරෝධතාවලදී පුද්ගලයින් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව අනාවරණය වී ඇත.

ඉන්ධන මිල සහ පාන් මිළද ඇතුළුව අනෙකුත් භාණ්ඩ සියල්ලෙහි මිල ඉහළ යෑමට විරෝධතාව පෑම ඇතුළු කරුණු කිහිපයක් මෙම උද්ඝෝෂණ සඳහා හේතු විය. මෙම උද්ඝොෂණ අතරතුර රජයේ පොලිස් නිළධාරීන් හා හටගත් ගැටුම් හේතුවෙන් මේ වන විටත් මිය ගෝස් සිටින පිරිස 22ක් බව විරෝධතා කරුවන් පවසන නමුත් රජය පවසන්නේ එතරම් පිරිසක් මිය ගොස් නොමැති බවත් සංඛ්‍යාව ඊට වඩා අඩු බවත්ය.

පසුගිය වසර තුළ  සුඩානයේ පාරිභොගික භාණ්ඩ
බොහෝමයක මිල දෙගුණයකින් ඉහළ ගිය අතර එරට උද්ධමනය 70%කින් ඉහළ යන ලදී. මේ සියල්ල ඩොලරයට සාපේක්‍ෂව එරට මුදල් ඒකකය පහත වැටීමත් සමග ඇත්වී තත්ත්වයන්ය. මේ අතර එරට වෛද්‍යවරුන්ගේ සංගමයද ප්‍රකාශ කර සිටින්නේ ජනපති ඔමාර් අල් බෂීර් වෙත රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ බල කර සිටින්නට තමන්ද විරෝධතා කරුවන් සහ එක් වන්නට කටයුතු කරන බවයි.

1990 වසරේ යුද්ධය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහය ලැබුණ බවට එරට ජනපති ඔමාර් අල් බෂීර්ට එල්ලවූ චෝදනා සමග එරට ආර්ථික අර්බුද ඉස්මතු වීම ආරම්භ විය. 2011 වසරේදී දකුණු සුඩානය සුඩානයෙන් බෙදී වෙන්වුණ අතර වෙන් වන විට ඔවුන් සුඩානයේ පැවති ඉන්ධන සම්පත්වලින් වැඩි ප්‍රමාණයක් අයිති කර ගත්හ. මේ හා පැවති සිවිල් යුද්ධය මගින් සාමාන්‍ය ජන ජීවිත මිලියන 1.5ක අහිමි කරන ලදී. ඒත් සමග ඇතිවූ ප්‍රතිප්‍රහාර වලදී සුඩානයේ බටහිර කලාපය තුළ පමණක් ලක්ෂ දෙකකට අධික පිරිසකට ජීවිත අහිමි වූ අතර මිලියනයට අධික පිරිසකට සිය ගේ දොර අහිමි විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි