×

සුඩානයේ හිටපු ජනපති ඔමාර් අල් බෂීර් ට එරෙහි නඩු විභාගය අද

පසුගිය ජූනිමස ඔහුට එරෙහි පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරයා පැවසුවේ විදෙස් මුදල් විශාල තොගයක් ඔහුගේ නිවසේ ධාන්‍යාගාරයේ තිබී හමු වූ බවයි


සුඩානයේ හිටපු ජනපති ඔමාර් අල් බෂීර්ට එරෙහි වංචා හා දූෂණ සම්බන්ධ චෝදනාවලට අදාල නඩුව අද සුඩාන අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.

මේ වන විටත් නඩු විභාගය සදහා සහභාගී වීමට හිටපු ජනපතිවරයා අධිකරණය වෙත පැමිණ ඇතැයි වාර්ථා වේ. ඔහු සහ ඔහුගේ නීතිඥයන් මේ සම්බන්ධ ව පවසන්නේ මෙම චෝදනා කිසිදු පදනමකින් තොරව නගන ලද ඒවා බවයි. ඔමාර් අල් බෂීර් පසුගිය අප්‍රේල් මස එරට ජනතාව විසින් මාස ගණනාවක් පුරා පැවති දැවැන්ත විරෝධතා හේතුවෙන් ධූරයෙන් ඉවත් විය. එතෙක් ඔහුගේ ධූර කාලය වසර 30කි.


පසුගිය ජූනිමස ඔහුට එරෙහි පැමිණිල්ල මෙහෙයවන නීතිඥවරයා පැවසුවේ විදෙස් මුදල් විශාල තොගයක් ඔහුගේ නිවසේ ධාන්‍යාගාරයේ තිබී හමු වූ බවයි. හිටපු ජනපතිවරයා අධිකරණයට පැමිණ ඇත්තේ විශාල ආරක්ෂාවක් මධ්‍යයේ බව AFP පුවත් සේවය පවසයි.

අල් බෂීර්ට එරෙහි චෝදනා.
හිටපු සුඩාන ජනපතිවරයාට එරෙහිව ඇති මීලික චෝදනා වන්නේ විදෙස් මුදල් ළග තබා ගැනීම , දූෂණ සහ නීති විරෝධී පරිත්‍යාග ලැබීම යන ඒවාය. පසුගිය අප්‍රේල් මස සුඩානයේ හමුදාපති ජෙනරාල් අබ්ඩෙල් ෆාටා අල් බුර්හාන් පැවසුවේ ඩොලර් මිලියන 113ට වඩා වටිනාකමින් යුත් විදෙස් මුදල් තොගයක් හිටපු ජනපති නිළ නිවසේ තිබූ අත්අඩංගුවට ගත් බවයි. ඔහුට එරෙහි නඩුව මින් පෙරද අධිකරණය තුළ විභාග වීමට නියමිත වුවද එය මේ දක්වා කල් තැබිණ.
මීට අමතරව විරෝධතා කරුවන් ඝාතනය සදහා උපකාර සහ උපදෙස් දීම සම්බන්ධවද ඔහුට එරෙහි චෝදනා පවතී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි