×

සූඩානයේ ඊද් අල්-ෆිතර් වෙනුවෙන් සටන් විරාමයක්

මේ වන විට සටන් වලින් අවම වශයෙන් පුද්ගලයින් 350 දෙනෙකු මිය ගොස් ඇති අතර සරණාගතයන් සංඛ්‍යාව මිලියනයක් ඉක්මවා තිබේ.


මුස්ලිම් නිවාඩුව වන ඊද් අල්-ෆිතර් අද(21)දින ආරම්භ වීමත් සමඟ සුඩානයේ පැරාමිලිටරි කණ්ඩායමක් වන Rapid Support Forces (RSF) විසින් කාර්ටූම් අගනුවර පැය 72ක සටන් විරාමයක් දියත් කරන බව නිවේදනය කර තිබේ.

විදෙස් රාජ්‍ය නායකයන් බොහෝ දෙනෙක් ඊද් වෙනුවෙන් සටන් විරාමයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්,ද වේ.

සටන් විරාමය හරහා පුරවැසියන් ඉවත් කිරීම ඔවුන්ගේ පවුල්වලට සුබ පැතීමට අවස්ථාව ලබා දීම අපේක්ෂා කෙරේ.

සටන් විරාමය ආරම්භ වීමට මිනිත්තු කිහිපයකට පෙර පවා (RSF) සහ හමුදාව අතර වෙඩි හුවමාරුවක් සිදු වූ අතර ජෙනරාල් අබ්දෙල් ෆාටා අල්-බුර්හාන් යටතේ ක්‍රියාත්මක වන හමුදාව සහ ජෙනරාල් මොහොමඩ් හම්දාන් දගලෝ විසින් නායකත්වය දෙන (RSF) අතර පසුගිය සති අන්තයේ ප්‍රචණ්ඩ ගැටුම් රැසකින් පසු අසාර්ථක සටන් විරාම මාලාවක් පැවතුනි.


මෙම පුද්ගලයින් දෙදෙනා සුඩානයේ පාලක හමුදා රජයේ නායකයින් ලෙස මීට පෙර සන්ධානගතව සිටින ලදි.

මේ වන විට සටන් වලින් අවම වශයෙන් පුද්ගලයින් 350 දෙනෙකු මිය ගොස් ඇති අතර සරණාගතයන් සංඛ්‍යාව මිලියනයක් ඉක්මවා තිබේ. යුද්ධය හේතුවෙන් සිවිල් වැසියන් දහස් ගණනක් කාර්ටූම් වෙතින් පලා ගොස් ඇති අතර ඉන් බහුතරය කාන්තාවන් බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි