×

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් තලේබාන් ඇමති මරුට

එක්සත් ජනපදය විසින් ගෝලීය ත්‍රස්තවාදියෙකු වශයෙන් නම් කර ඇත.


සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් තලේබාන් සංවිධානයේ සරණාගත කටයුතු පිලිබඳ අමාත්‍ය ඛලීල් හකානි මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඛලීල් හකානි හකානි ජාලය නමින් හැඳින්වෙන තලේබාන් සංවිධානයේ ප්‍රබල කල්ලියේ ප්‍රධාන සාමාජිකයෙකු වූ අතර එක්සත් ජනපදය විසින් ගෝලීය ත්‍රස්තවාදියෙකු වශයෙන් නම් කර ඇති අයෙකි.

ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම (IS) භාර ගෙන ඇති අතර ඛලීල් හකානිගේ සොහොයුරු ජලාලුදීන් 1980 ගණන්වල ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදා සමඟ සටන් කළ සුප්‍රසිද්ධ ගරිල්ලා නායකයෙක් වූ අතර තලේබාන්වරුන්ගේ 20 වසරක කැරැල්ලේදී බොහෝ ප්‍රහාර පිටුපස සිටි හකානි ජාලය ආරම්භ කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි