×

සෝමාලියාවේ හමුදා කඳවුරක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්!

සෝමාලියාවේ අද (25) දින හමුදා කඳවුරකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.


මෙම බෝම්බ ප්‍රහාරයෙන් එක් හමුදා භටයකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සය දෙනෙකු තුවාල ලබා තිබේ.

සෝමාලියාවේ අගනුවර වන මොගාදිෂු හි බටහිර කලාපයේ පිහිටා ඇති මෙම හමුදා කඳවුරට හමුදා සොල්දාදුවකු මෙන් වෙස්වලා ගෙන පැමිණ ඇති මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයා, සාමාන්‍ය හමුදා භටඛණ්ඩ වෙත සම්බන්ධ වී තිබේ.

පසුව, හමුදා කඳවුරේ මුරපොලක් අසලදී බෝම්බය පුපුරුවා ගෙන තිබේ.

මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කුමන පාර්ශවය ද යන්න තවමත් පැහැදිලි වාර්තාවක් නිකුත් කර නොමැති මුත්, ඉස්ලාමික ත්‍රස්ත කණ්ඩායමක් වන අල් ෂබාබ් සෝමාලියාව තුළ කලක පටන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දියත් කර තිබේ.

මෙවන් ප්‍රහාර සම්බන්ධයෙන් ගතවූ කාලය පුරාවටම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර, ඒවා සෝමාලියාවේ ජීවිත රැසක් අහිමි කිරීමට සමත්ව තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, අල් ෂබාබ් ත්‍රස්ත කණ්ඩායම අල් කයිඩා ත්‍රස්තවාදීන් හා සබඳතාවයක් පවත්වන අතර, අල් කයිඩා සංවිධානයට සෝමාලියාවේ මධ්‍යම රජය පෙරළා පාලන බලය අතට ගැනීමේ අවශ්‍යතාවය තිබේ.

ඒ තුළින් සෝමාලියාව තුළ ඉස්ලාමික ෂරියා නීතිය ස්ථාපිත කිරීමයි අල් කයිඩා සංවිධානයේ අභිලාෂය වී තිබෙන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි