×

සෑම තත්ත්පර 40කට වරක් ලෝකයේ කවුරුන් හෝ සිය දිවි අහිමි කර ගනී – ලෝක සෞඛ්‍ය සංවිධානය

කෘමි නාශක භාවිතය සම්බන්ධ පැනවූ නීති රීති සමග සිය දිවි නසා ගැනීම් 70% වළකා ගැනීමට එනම් 95000කගේ ජීවිත බේරා ගැනීමට ශ්‍රි ලංකාවට හැකිවී ඇත හැකිව ඇති බවයි.


අද ජාත්‍යන්තර සිය දිවි නසා ගැනීම් වැළක්වීමේ දිනයයි. නමුත් සිය දිවි නසා ගැනීම් සම්බන්ධව ශ්‍රි ලංකාවද ඇතුළුව ලෝකය මුහුණ දෙමින් සිටින තත්ත්වය ක්‍රමයෙන් ඉහළ යමින් පවති.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අප විසින් ගත කරන සෑම තත්ත්පර 40කටම වරක් ලෝකයේ කොහේ හෝ අයෙක් විසින් සිය දිවි නසා ගනු ලබයි. එසේ සියදිවි නසා ගැනීම් සම්බන්ධව පොදු වූ හේතූන් ලෙස අනාවරණය වන්නේ ආර්ථී දරිද්‍රතාවය, මානසික පීඩනයන්,පවුල් ආරවුල් , සුව නොවන රෝග තත්ත්වයන් ආදියයි.

සිය දිවි නසා ගැනීම් වැඩි සංඛ්‍යාවක් වාර්ථාවන්නේ රටවල් වන්නේ ලෝකයේ මධ්‍යස්ථ ආදායමක් ඇති රටවල් තුලිනි එනම් වාර්ථාවනවන සියදිවි නසා ගැනීම් වලින් 79%කි. නමුත් අනුපාතයක් ලෙස ගත් විට වැඩි සියදිවි නසාගැනීම් වැඩි වශයෙන් වාර්ථා වන්නේ ඉහළ ආදායමක් ඇති රටවලිනි එනම් 100000 කට 11.5% වශයෙනි .

ලෝකයේ අවුරුදු 15-29ත් අතර වයස් සීමාවල තරුණයන් වැඩි වශයෙන් මිය යන හේතූන් අතරේ සිය දිවි නසා ගැනීම් ඇත්තේ දෙවන ස්ථානයේය. ඒ මාර්ග අනතුරු වලට පසුවයි. වයස අවුරුදු 15- 19ත් අතර වයසේ ගැහැණු දරුවන්ගේ මරණයන්ට බලපාන හේතූන් අතර දෙවන ස්ථානය හිමි වන්නේද සිය දිවි නසා ගැනීම් වලටයි. ඔවුන්ගේ ජීවිත අහිමි වීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ දරුවන් පිළිසිද ගැනීම හේතුවෙන් ඇතිවන තත්ත්වයන්ය.

ලෝකයේ සිය දිවි නසා ගැනීම් වැඩි වශයෙන් සිදු කර ගන්නා ක්‍රමය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරන්නේ එල්ලීමෙන් මිය යාම, කෘමිනාශක පානය සහ වෙඩිතබා සිය දිවි නසා ගැනීමයි.

2010 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ගෝලීය සියදිවි නසා ගැනීමේ අනුපාතය 9.8%කින් අඩුවී ඇති බවද එම වාර්තාව සඳහන් කරයි. ඇමෙරිකා කාලාපයේ පමණක් සියදිවි නසාගැනීම්වල වැඩිවීමක් වාර්තා වන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක ජනගහනයෙන් ලක්ෂ 8 ක් වර්ෂයක් තුළ සාමාන්‍ය යෙන් සියදිවි නසාගන්නාඅතර සියදිවි නසාගන්නා ප්‍රවනතාව අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රාජ්‍ය්‍යකින්ම ඉල්ලා සිටී.

ඒ සදහා ප්‍රධානතම පියවර ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කරන්නේ කෘමිනාශක සම්බන්ධව නියාමනයන් පැනවීමයි. එසේ කිරීමෙන් මේ වන විට ලෝකයේ සිය දිවි නසා ගැනීම් වැඩි සංඛ්‍යාවක් වළකා ගැනීඹට සිදුවූ බවද එම සංවිධානය පවසයි.

මේ සම්බන්ධව ශ්‍රි ලංකාව සම්බන්ධව සිදු කළ සමීක්ෂණයක් උදාහරණ ලෙස දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්ථා කරන්නේ ලංකාවේ කෘමි නාශක භාවිතය සම්බන්ධ පැනවූ නීති රීති සමග සිය දිවි නසා ගැනීම් 70% පමණ වළකා ගැනීමට හැකිව ඇති බවයි. ඒ අනුව 1995 සහ 2015 අතර කාලය තුළ පුද්ගලයින් 93000කගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබී ඇති බව එම සමීක්ෂණය පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි