×

ගෝලීය වාර්ෂික සිය දිවි නසා ගැනීමේ අනුපාතය සීග්‍රයෙන් පහතට!

ගෝලීය වශයෙන් මෙම අඩුවීම දැක ගත හැකි වුවත් රට රටවල තත්ත්වය විවිධ අයුරින් වෙනස් වී ඇත.


1990 වසරින් පසු ලෝකය පුරා සිය දිවි නසා ගැනීමේ අනුපාතය පහත බැස ඇති බව සමීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

BMJ ජර්නලයට අනුව 2016 වසරේ ලෝකය පුරා පුද්ගලයින් 817000 විසින් සිය දිවි නසා ගෙන තිබූ අතර එය 1990 වේ පැවති ප්‍රමාණයට වඩා 6.7 ක සුළු වැඩි වීමකි.

පසුගිය දශක තුක කාලයක් තිස්සේ ලෝක ජනගහණය වැඩි වී ඇති ප්‍රමාණය හා සැසදී මේදී ජනගහන යේ වැඩි වීමට සාපේක්ෂව පුද්ගලයින් 100000කට 16.6 සිට 11.2 දක්වා සිය දිවි නසා ගැනීමේ ප්‍රතිශතය අඩු වී ඇත.

සිය දිවි නසා ගැනීම් යටතට වළකා ගත හැකි මරණ පිළිබදව මෙම අධ්‍යයනයේදී අවධානය යොමු කර තිබූ අතර කැනඩාවේ මහජන සෞඛ්‍ය නියෝජිතායතනය විසින් මෙම සමීක්ෂණය ට අනුවයි.
ලොක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ලෝකයේ වාර්ෂිකව අඩුම තරමේ පුද්ගලයින් 800000 සංඛ්‍යාවක් සිය දිවි නසා ගනී,

2016 වසර තුළ සිය දිවි නසා ගත් සියල්ලන්ලේ ආයු කාල වල එකතුව අවුරුදු මිලියන 34.6කි ලෝකයේ සෑම කලාපයක් තුළම පාහේ සිය දිවි නසා ගන්නා කාන්තාවන්ගේ අනුපාතයට වඩා පිරිමින්ගේ අනුපාතය ඉහළ මට්ටමක පවතී. එමෙන්ම මෙම පර්යේෂණ මගින් පෙන්වා දී ඇත්තේ ඕනෑම හේතුවක් මත ගෝලීය වාර්ෂික මරණ සංඛ්‍යාව 1990 සිට සියයට 30කින් අඩු වී ඇත.
ගෝලීය වශයෙන් මෙම අඩුවීම දැක ගත හැකි වුවත් රට රටවල තත්ත්වය විවිධ අයුරින් වෙනස් වී ඇත. ඇතැම් රටවල මරණ අනුපාතය අඩු වෙමින් පවතිද්දී තවත් රටවල එය ඉහළ ගොස් තිබේ. උදාහරණයක් ලෙස චීනය ලෝව සියදිවි නසා ගැනීමේ  අනුපාතය ඉතාමත් පහළින් තිබෙන රට බවට පත් වී ඇත ඒ අනුව 1990 වසරේ සිට සාමාන්‍ය සිය දිවි නසා ගැනීමේ අනුපාතය 64.1න් අඩු වී ඇති අතර සිම්බාබ්වේ පැවති සිය දිවි නසාගැනීම් අනුපාතය පැවති සංඛ්‍යාව මෙන් දෙගුණ වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි