×

මැලේසියානු රජු රජකම අත්හරී.

මැලේසියානු රජු සිය රජකම අත්හරින බවට අද මැලේසියානු රාජකීය නිළධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.



පස්වන සුල්තාන් මුහම්මද් රජු මෙසේ අද දින සිය ජනතාවට ආයුබෝවන් කියා සිය රජකමෙන් සමුගත්තේ තම පෞද්ගලික වුවමනාවන් හමුවේ සිය ධූරයට අසාධාරණයක් වනු ඇතැයි ප්‍රකාශ කරමිනි.

පසුගියදා ඔහු විසින් හිටපු රුසියානු රූ රැජින විවාහ කර ගැනීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇති බවට අදහස් පල වී තිබුණද තවමත් නිළ වශයෙන් මෙම හේතුව සනාථ කර නැත.කෙසේ වෙතත් ඔහු සිය රටේ ව්‍යවස්ථාව හා සම්ප්‍රදායන්ට හිස නමා සිය ඉල්ලා අස්වන්නට තීරණය කළ බවට ඔහු දන්වා ඇත.

49 හැවිරිදි පස් වන සුල්තාන් මුහම්මද් රජු 1957 යටත් විජිත පාලනයෙන් පසු මැලේසියානු රාජ්‍ය භාර ගත් රාජකීය පරම්පරාවේ 15 වන රජු විය.

2016 වසරේ දෙසැම්බර් මාසයේදී මැලේසියානු රජු ලෙස දිවුරුම් දුන් ඔහුගේ ධූරය අවසන් වීමට තවත් වසර 3ක කාලයක් ඉතිරි වී තිබිණි.

ඔහු මැලේසියාවේ රාජ්‍යයේ නායකයා ලෙසද, මැලේසියානු ආරක්ෂක හමුදාවන්ට උත්තරීතර අණ දෙන නිළධාරියා ලෙසද, කටයුතු කරන ලදී. ඔහුලේ ඉල්ලා අසවීම සනිටුහන් කරමින් ඔහු වෙනුවෙන් ජනතාව වෙත කරුණු ඉදිරිපත් කළ රාජකීය නිළධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ
මැලේසියාව එක්සත් මෙන්ම සවෛරීත්වය සමග සාමය සුරැකීම වෙනුවෙන් ඔහු ඉල්ලා අස් වූ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි