×

සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් ජපානය

කුණාටුව හේතුවෙන් කියුෂු හි බුලට් දුම්රිය සේවාව ඇතුලු කගොෂිමා හා මියසකි යන ප්‍රදේශවල දුම්රිය සහ බස් ඇතුළු පොදු ප්‍රවාහනය අත්හිටුවා ඇත. 7-Eleven ඇතුළු වෙළඳසැල් 950කට අධික ප්‍රමාණයක් මේ වන විට වසා දමා ඇති අතර කලාපය තුළ සහ ඉන් පිටත අභ්‍යන්තර ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර තිබෙන බව වාර්තා වේ.


නන්මඩෝල් සුළි කුණාටුව දශක ගණනාවකට පසු ජපානයට එල්ල කළ විනාශකාරීම කුණාටුව ලෙස ජපානයේ කාලගුණ ඒජන්සිය නිවේදනය කර තිබේ.

කුණාටුවේ බලපෑම හේතුවෙන් කියුෂු දූපතේ වෙසෙන මිලියන හතරක ජනතාවට ඉවත් වන ලෙස පළාත් පාලන ආයතන නියෝග කර ඇති අතර අසල්වැසි මියසාකි ප්‍රාන්තයේ තවත් 4,700 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.
ජපානයේ කාලගුණ ඒජන්සියට අනුව ඉදිරි පැය 24 තුළ දකුණු Kyushu හි 400mm (අඟල් 16) වර්ෂාපතනයක් සහ 235kmph (145mph) දක්වා සුළං ඇති විය හැකි අතර මධ්‍යම Tokai කලාපයට 300mm (අඟල් 12) වර්ෂාපතනයක් ලැබිය හැකි බව වාර්තා වේ.

නන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට ජපානයේ සාමාන්‍ය ජන ජීවිතය අඩාලව ඇත. අධික සුළං හා වර්ෂාව නිසා විදුලි රැහැන් හා පහසුකම් වලට හානි වීම හේතුවෙන් දිවයින පුරා නිවාස 93,000 කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති බව කියුෂු විදුලිබල සමාගම ප්‍රකාශ කර ඇත.

මීට අමතතරව කියුෂු හි බුලට් දුම්රිය සේවාව ඇතුලු කගොෂිමා හා මියසකි යන ප්‍රදේශවල දුම්රිය සහ බස් ඇතුළු පොදු ප්‍රවාහනය අත්හිටුවා ඇත. 7-Eleven ඇතුළු වෙළඳසැල් 950කට අධික ප්‍රමාණයක් මේ වන විට වසා දමා ඇති අතර කලාපය තුළ සහ ඉන් පිටත අභ්‍යන්තර ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර තිබෙන බව වාර්තා වේ.

නන්මඩෝල් අඟහරුවාදා දින වන විට නැගෙනහිර දෙසට හැරී ටෝකියෝ වෙත ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර බදාදා වන විට නැගෙනහිර දෙසට හැරී ජපානයේ ප්‍රධාන දූපත වන හොන්ෂු හරහා ජපානයෙන් ඉවත්ව යනු ඇතැයි බලාපොරොත්තු වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි