×

ජනතා මුදලින් මිලට ගත් ඉක්වටෝරියල් ගිණී හී උපජනපතිගේ සුපිරි වාහන එකතුව ස්විට්සර්ලන්තයේ දී වෙන්දේසියට

ඔහු සතු සුඛොපභෝගී වස්තූන් රැසක් රාජ්‍යයන් කිහිපයකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


ඉක්වටෝරියල් සමූහාණ්ඩුව හෙවත් ගිණි හී උප ජනාධිපති වරයා තියෝදෝර් න්ගුවේමා ඔබියන්ග් මන්ගුවේ සතුව පැවති අති සුඛෝපභෝගී කාර් රථ එකතුවක්  ස්විට්සර් ලන්තය විසින් රාජ සන්තක කරන ලදී. ඒ ඔහු විසින් සිදු කරන ලද මූල්‍යම වංචාවකට වරදකරු වීමෙන් පසුවයි. ඒ යටතට අයත් වූ ඔහු සතු වූ අති සුඛෝපභෝගී කාර් රථ එකතුව පසුගිය ඉරිදා වෙන්දේසි කරනු ලැබූ අතර සුඛොප භෝගී කාර් රථ 25ක් ඊට අයත් විය.

මධ්‍යම අප්‍රිකානු රාජ්‍යක් දීර්ඝතම කාලයක් පාලනය කළ නායකයාගේ පුත් වන ඔබියන්ග් ගේ මෙම වාහන එකතුව ස්විට්සර් ලන්ත රජය විසින් පවරා ගනු ලැබුවේ 2016 වසරේදීය. එම කිසිදු වාහනයක් දීර්ඝ කාලයක් හා සැතපුම් දහසකට වැඩි දුරක් ධාවනය නොකළ ඒවා විය.


ඔහු සතුවූ රෝඩ්ස්ටර් වර්ගයේ ලැම්බෝගිනි වෙනේනෝ රථය ලැම්බෝගිනි නිෂ්පාදනයේ 50 වන සංවත්සරය සැමරීම සදහා එම ආයතනය විසින් නිපදවූ අති සුඛොප භෝගී රථ 9න් එකක් විය. එය වෙන්දේසි කළ වටිනාකම වූයේ මිලියන ඩොලර් 8.3කි.


ඔහුගේ වාහන එකතුවේ පැවති අනෙකුත් වාහන අතරේ ඉතා සීමිත කාර් රථ නිෂ්පාදනයන් වූ LaFerrari, Koenigsegg One:1 (මෙවැනි රථ ලෝකයේ නපදවා ඇත්තේ 7කි) ,McLaren P1, Bugatti Veyronආදී වර්ගයන්ට අයත් කාර්රථ විය.

මේවා වෙන්දේසි කිරීමෙන් ලද ආදායම ජිනීවාහී සමාජ සේවා කටයුතු වලට යොදවනු ලැබේ. මෙම වාහන එකතුව ස්විටසර්ලන්තයේ ගුවන්තොටුපොලේදී ජිනීවා හී පොලීස්ය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔබියන්ග් ඉක්වටෝරියල් සමූහාණ්ඩුව ට අයත් මුදල් මෙලෙස සිය පෞදිගලික ප්‍රයෝජනය සදහා යොදවමින් වංචනික ක්‍රියා කළ බවට ස්විට්සර් ලන්තය චෝදනා කරයි. එලෙස වංචා කළ මුදලින් කාර් රථ වලට අමතරව පෞද්ගලික ජෙට් යානා මිලදී ගැනීමේ චෝදනාවට ප්‍රංශ අධිකරණය විසින් ඔහුට වසර තුනක සිර දඩවම් නියම කරන ලදී, ඊට අමතරව ඔහු සතුව ඇමරිකා එක්සත් ජනපදයේ කැල්ෆොනියාහී සුඛොප භෝගී මන්දිරයක් මිලදී ගැනීමය සම්බන්ධව ඇමරිකානු රජයේ චෝදනාවටද ලක් විය. ගිනියානු රජයේ මුදල් සොරකම් කිරීමෙන් ඔහු විසින් මිලදී ගනු ලැබූ ඩොලර් මිලියන 16ක වටිනාකමක් ඇති ඔරලෝසු එකතුවන් පසු ගිය වසරේ බ්‍රසීල රජය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි