×

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරයි

ට්‍රම්ප් ලැබූ විශාල ජයක්


ඇමරිකාවට පැමිණේන සංක්‍රමණිකයන් සම්බන්ධව ඩොනල්ට් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් යෝජනා කළ සංක්‍රමණික නීති පිළිබදව එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවමැතිය ලබා දී තිබේ.

තුන්වන ලෝකයේ රටවල සිට ඇමරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් රටේ දේශ සීමාවලට ඇතුල් වීමට පෙර ඇමරිකාවෙන් සරණාගත භාවය අපේක්ෂා කළ යුතු බවට මෙම නීතිය මගින් තහවුරු කරන ලදී.
විශේෂයෙන්ම මධ්‍යම ඇමරිකාවේ සිට මෙක්සිකෝව හරහා පැමිණෙන් සංක්‍රමණිකයන්ටද මෙම නීතිය අදාල වේ.

මෙම නීතිය මීට පෙර ස්ථාපිත කරන්නට ට්‍රම්ප් රජය විසින් ගන්නා ලද උත්සහය අසාර්ථක වූයේ එරට පහළ අධිකරණයක් මගින් එය අවහිර කිරීමත් සමගිනි.
රටට පැමිණෙන් සංක්‍රමණිකයන් සංඛ්‍යාව අවම කිරීම ඇමරිකානු ජනපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්තියක් වූ අතර 2020 ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ඔහු විසින් සිය පොරෝන්දුව ඉටු කිරීමට කටයුතු කර ඇත. කෙසේ වෙතත් ඔහු විසින් මෙසේ සංක්‍රමණික නීති දැඩි කිරීම සමිබන්ධව ජාත්‍යන්තරව මෙන්ම මානව හිමිකම් රැසක් විසින්ද ඔහුට විරුද්ධව විවේචන රැසක් එල්ල කරනු ලැබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි