×

චෙස්ටර්, අවීශී ගිය මඟ ගත් බොලිවුඩයේ සුෂාන්ත් සිං රාජ්පුත්

මෙය බොලිවුඩයට එතරම් හොඳ වසරක් නොවේ. මුලින් ඉර්ෆාන් ඛාන් යන්නට ගියේය. දෙවනුව රිෂී කපූර් ය. දැන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි සුෂාන්ත් සිං රාජ්පුත් ද යන්නට ගොසිනි.


බොලිවුඩයේ නැගී එන තාරකාවක් වන සුෂාන්ත් සිං රාජ්පුත් මුම්බායි හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී සොයාගෙන තිබේ.

34 හැවිරිදි ඔහු සිය දිවි නසා ගෙන ඇති බව විශ්වාස කෙරේ.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු බොහෝ දෙනෙක් රාජ්පුගේ හදිසි වියෝව හේතුවෙන් කම්පාවට පත්ව ඇත.

රූපවාහිනි වැඩසටහන් සහ චිත්‍රපට වල රඟපෑ ජනප්‍රිය තරුවක් වූ රාජ්පුත්, ද අන්ටෝල්ඩ් ස්ටෝරි චිත්‍රපටයේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන එම්.එස්. දෝනි ගේ චරිතයට පණපෙවීම හේතුවෙන් ජාත්‍යන්තරයේද ප්‍රසිද්ධියට පත්විය.

නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ උපත ලැබූ රාජ්පුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල පාඨමාලාවක් අතහරිමින් රංගනය හා නර්තනය පිළිබඳ වෘත්තියක් වෙනුවෙන් යොමු විය. ඔහුගේ බොලිවුඩ් පෙරළිය පැමිණියේ 2013 බර්ලින් සිනමා උළෙලේදී ඔහු රඟපෑ කයි පො චේ චිත්‍රපටය ජයග්‍රහණය කිරීමෙන්.

නළුවාගේ අවසන් චිත්‍රපටය වූයේ චිචෝර් ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂ නිටේෂ් තිවාරි කියා සිටියේ තමා පසුගිය සතියේ රාජ්පුත් සමඟ කතා කළ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි