×

සූකර උණ රෝගය ඉන්දියාව ආක්‍රමණය කරයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාව රාජස්ථානයෙන්


ඉන්දියාව තුළ සීග්‍රයෙන් පැතිර යන සූකර උණ රෝගය H1N1 හේතුවෙන් මෙම වසර තුළ පමණක් 226 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්ථා වේ.

2019 ජනවාරි මස සිට මේ දක්වා ඉන්දියාව තුළ සූකර උණ වැළදුණ රෝගීන් 6701 දෙනෙක් හදුනාගෙන ඇත. 2018 වසරේදී සූකර උණ රෝගීන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ආසාදිත වූ සංඛ්‍යාව 798 ක් ලෙස වාර්ථාවිය.

මේ අතර වැඩිම රෝගීන් සඛ්‍යාවක් රාජස්ථානයෙන් වාර්ථා විය. පෙබරවාරි මස පමණක් රෝගීන් 507 ක් එහි වාර්ථා වී ඇත. ගුජරාටය සහ පන්ජාබයද සූකර උණ රෝගීන් වැඩි වශයෙන් වාර්ථා වූ ප්‍රාන්ත අතර මුළින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි