×

ආදායම ,කාලය සහ ගෞරවය උදෙසා මිලියන ගණනින් වීදි බසින ස්වීස් කතුන්

අයිතිවාසිකම් වෙනුවෙන් වීදි බැස සටන් කිරීම පිළබදව ස්විට්සර්ලන්ත කාන්තාවට ඇත්තේ ඉතා දීර්ඝ ඉතිහාසයකි.


ස්විට්සර්ලන්තය පුරා කාන්තාවන් රට පුර පැතිරුණ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටී. ඒ ස්විට්සර්ල්තය තුළ සමානාත්මතාවට එරෙහි තත්ත්වයන්ට විරුද්ධවයි.

මීට වසර 28කට පෙරද එනම් 1991 වසරේදී ස්විට්සර්ලන්ත කාන්තාවන් මේ ආකාරයටම විශාල වශයෙන් වීදී බසින ලදහ. සමානාතාත්මතාවය උදෙසා මෙලෙස විශාල වශයෙන් විරෝධතා පැවැත්වීමේ දීර්ඝ ඉතිහාසයක් සිව්ට්සර්ලන්ත කාන්තාවට හිමිය.

පළමු ලෝක යුද්ධයෙන් පසුව 1918 වසරේදී ස්විට්සර්ලන්ත කාන්තාවන් මිලියන ගණනින් සමස්ථ යුරෝපා කාන්තාවන් හා එක්ව වීදි බැස විශාල වශයෙන් විරෝධතා පැවැත්වූයේ කාන්තාවන් සදහා ඡන්ද අයිතිය ලබා දෙන ලෙස සිය රජයන්ට බල කරමිනි. නමුත් 1971 වන තුරුම ඔවුන්ට තම අයිතිවාසිකම් ලබා ගැනීමට නොහැකි විය. ඒ දක්වාම ඔවුහු සටන් කළහ.

1920 වර්ෂයේ රැකියාව කිරීම සදහා සමාන අයිතීන් ඉල්ලා සිටිමින් දියත් කළ විරෝධතා ව්‍යාපාරය

1991 වසරේදී ඔවුන් විසින් මහාපරිමාණ වශයෙන් ස්විස්ලන්ත කාන්තාවන් විසින් සිදු කරන ලද විරෝධතාවයේ අරමුණ වූයේ කිසිදු කාන්තා නියෝජනයක් නොතිබුණ සුවිස් පාර්ලිමේන්තුවට කාන්තා නියෝජනයක් අවශ්‍ය බවද ව්‍යවස්ථානුකූල මාතෘ නිවාඩු අවශ්‍ය බවටද රජයට බලකිරීමය.

කෙසේ වෙතත් මේ වන විට ස්විට්සර්ලන්ත ආණුඩුවෙහි කාන්තා නියෝජනය කාන්තාවන් 8 දෙනෙක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම මාතෘ නිවාඩු නීත්‍යානුකූල ලෙස ව්‍යවස්ථාපිතය.
නමුත් ස්විට්සර්ලන්ත කාන්තාවගේ ඉපැයීම් කාන්තාවට වඩා තවමත් 20%කට වඩා අඩුය. එමෙන්ම රැකියාවන් කිරීමේදීද කාන්තාවන් පිළිබදව අවධාය යොමු කෙරුණ අවස්ථා අවම බව ඔවුන්ගේ මතයයි.

පසුගිය මස ජාත්‍යන්තර කම්කර් සංවිධානය විසින් නිකුත් කළ වාර්ථාවේ කාන්තා ආදයම් මට්ටම දක්වන ලැයිස්තුවේ සිව්ට්සර්ලන්තය ඇත්තේ ඉතා පහළිනි.
ඔවුන් මෙවර වීදි බසින්නට සැළසුම් කරන්නේ සමාන වැටුප් සහ සමාන අවස්ථා සදහා රජයට මෙන්ම පෞද්ගලික අංශයටද බල කරමිනි.
මේ වන විටත් ස්විට්සර්ලන්තය පුරා දහස් ගණනින් කාන්තාවන් සිය රැකියා ස්ථාන දැනුවත් කර ඇත්තේ තමන් මෙම විරෝධතාව වෙනුවෙන් සේවයට වාර්ථා නොකරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි