×

තම නිවෙස් තමන් විසින්ම කඩාබිඳ දමන්නට සිරියානු සරණාගතයින්ට බල කෙරේ

නැවතත් පවුල් 5000ක් අවතැන් වේ


සිරියානු යුධ වාතාවරණය හේතුවෙන් ලෙබනනයට ගොස් සිටින සිරියානු සරණාගත ජනතාව විසින් ඉදිකර ඇති නිවෙස් ඔවුන් විසින්ම කඩා දැමිය යුතු බවට ලෙබනන් රජය විසින් අණ කර ඇත.

ලෙබනන් දේශ සීමාවේ පිහිටි අර්සල් නගරයේ 55000ක් පමණ සිරියානු සරණාගතයින්ට අයත් නිවෙස් මෙසේ කඩු දමන්නට සිදුව ඇත. ඉතා උණුසුම් කාලගුණයක්ද පවතින මෙවැනි අවස්ථාවක සිමෙන්ති ගඩොලින් ඉදිකර ඇති නිවාස කඩා දැමීම ඉතා අමානුෂීය ක්‍රියාවක් බව පැහැදිලි වේ.

පරම්පරා ගණනක සරණාගත පවුල් මෙම නගරයේ වාසය කරති.එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද නියෝජිතායතනය මේ වන විට නිවෙස් අහිමිව නැවතත් අවතැන් වූ මෙම පිරිසට තාවකාලික කූඩාරම් සහ ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සපුරාලමින් සිටීයි.
2011 වසරේ සිරියානු යුද්ධය නැවතත් ආරම්භ වූ පසු ලෙබනනයට පැමිණි සරණාගතයින් සංඛ්‍යාව මිලියන 1.5කි. ඔවුන් කිසිවෙක් හට කොන්ක්‍රීට් යෙදූ වාසස්ථාන ඉදිකිරීමට ලෙබනන් රජය විසින් අවසර ලබා දී නොමැති නමුත් සිරියානුවන් ඉදි කර ඇති නිවෙස් කඩා දැමීමට ලෙබනන් රජය මෙම තීරණය ගෙන ඇත. මෙම තීරණය හේතුවෙන් සරණාගත පවුල් 5000ක් දරුවන් 15000ක්ද ඇතුළුව නැවතත් නිවාස අහිමි අවතැන් පිරිසක් බවට පත් වි ඇත.
සරණාගත විරෝධී මතවාද පසු ගිය සමය පුරා ලෙබනනයේ දැකිය හැකි විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි