×

යුක්රේනය තුළ රුසියාවේ ක්‍රියා කලාපය පිළිකුල් සහගතයි- ජෝ බයිඩන්

ඊයේ(21) දිනයේදී එක්සත් ජාතීන්ගේ රැස්වීමේ දී දේශගුණික විපර්යාසයන්, ලෝක ආහාර අර්බුදය, න්‍යෂ්ටික අවි භාවිතාව මෙන්ම රුසියානු යුද්ධය ජනප්‍රිය මාතෘකා විය..


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික රැස්වීමට ලෝක නායකයන් රැස්ව සිටිය දී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ රුසියාව විසින් යුක්රේන යුද්ධයට අනවශ්‍ය ලෙස සම්බන්ධ වීමත් සමඟ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්ම ඉතා ලැජ්ජාසහගත ලෙස උල්ලංඝනය කරන බවයි.


ඊයේ(21) දිනයේදී එක්සත් ජාතීන්ගේ රැස්වීමේ දී දේශගුණික විපර්යාසයන්, ලෝක ආහාර අර්බුදය, න්‍යෂ්ටික අවි භාවිතාව මෙන්ම රුසියානු යුද්ධය ජනප්‍රිය මාතෘකා විය. මෙහිදී එක්සත් ජනපද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ රුසියාව ලෝකයට තර්ජනයක් වූ නිසා තමාට ඒ වෙනුවෙන් මැදිහත් වීමට සිදු වූ බවයි. අපි ඉතිහාසයේ නිෂ්ක්‍රීය සාක්ෂිකරුවන් නොවේ, අපි ඉතිහාසයේ කතුවරුන් වෙමු. අපට මෙය කළ හැකිය, අප එය කළ යුත්තේ, අප වෙනුවෙන්, සහ අනාගතය සඳහා, මනුෂ්‍ය වර්ගයා සඳහා ය. ලෙස ඔහු මෙ‌හිදී සඳහන් කර තිබිණ.


ඉරානය සම්බන්ධයෙන් සඳහන් කළ එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසූයේ ඇමරිකානුවන් ඉරානයේ නිර්භීත කාන්තාවන් සමඟ සිට ගත් බවයි. ඔවුන්ගේ මූලික අයිතීන් රැක ගැනීමට ඔවුන් මේ වන විට විරෝධතා පවත්වමින් ඇත.

චීනය, තතායිවානය, මියන්මාරය, තලෙයිබාන් සංවිධානය, පලස්තීනයේ නව රජයක් පිහිටුවීම පිළිබඳ අදහස් දක්වන ලද ජනාධිපතිවරයා එක්සත් ජනපදය සෑම විටම මානව හිමිකම් හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දක්වා ඇති වටිනාකම් සිය රට තුළ හා ලොව පුරා ප්‍රවර්ධනය කරනු ඇති බවට අවධාරණය කරන්නට විය.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි