×

තායිවාන-කැනේඩියානු නළු ගොඩ්ප්‍රි ගාවෝ රියැලිටි ටීවී වැඩසටහනක් අතරතුර මිය යයි!

තායිවාන-කැනේඩියානු නිරූපන ශිල්පියකු සහ නළුවෙකු වන ගොඩ්ප්‍රි ගාවෝ මියගොස් ඇති බව ඔහුගේ ඒජන්සිය බදාදා ප්‍රකාශ කළේය


තායිවාන-කැනේඩියානු නිරූපන ශිල්පියකු සහ නළුවෙකු වන ගොඩ්ප්‍රි ගාවෝ මියගොස් ඇති බව ඔහුගේ ඒජන්සිය බදාදා ප්‍රකාශ කළේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 35 කි.

බදාදා අලුයම චීන රියැලිටි ටීවී වැඩසටහනක රූගත කිරීම් අතරතුරදී ඇති වූ හෘදයාබාධයකින් ගාවෝ බිම ඇඳගෙන් වැටී ඇති බව ජෙට්ස්ටාර් එන්ටර්ටේන්මන්ට් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එය තරඟකරුවන්ගේ විඳදරාගැනීමේ මට්ටම පරීක්ෂා කරන රියැලිටි වැඩසටහනක් විය. හෘදයාබාධයකින් මිය ගියේය. ඔහුව රෝහලට ඇතුළත් කර පැය තුනකට පමණ පසු මිය ගොස් ඇත.

මෙම සිදුවීම පිළිබඳව “අපි කම්පනයට හා කණගාටුවට පත්වෙමු” යනුවෙන් ජෙට්ස්ටාර් පැවසීය.

සමාගම “මාධ්‍යයේ මිතුරන්ට සහ ගොඩ්ප්‍රිට සහයෝගය දුන් සැමට” ස්තූතිවන්ත වූ අතර, ඔහුගේ පවුලේ අය වෙනුවෙන් සිටින ලෙස ඉල්ලා සිටියේය.

ගාවෝ විලාසිතා සන්නාමයක් වන ලුවී වුටන් සඳහා නිරූපිකාවක් වූ පළමු ආසියානු මිනිසා ඔහු වන අතර 2013 දී තිරගත වූ “The Mortal Instruments: City of Bones.” චිත්‍රපටයේ ලීනා හෙඩි සහ ලිලී කොලින්ස් සමඟ රඟපෑවේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි