×

තජිකිස්තාන් කිර්ගිස්තාන් දේශසීමා ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 81 දක්වා ඉහළට

දෙරටෙහි රාජ්‍ය නායකයන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූ රුසියනු ජනාධිපති ප්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මනින් සාමකාමී, දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් තත්වය විසඳීමට පියවර ගන්නා ලෙසයි.


කිර්ගිස්තානය සමඟ ඇති වූ දේශසීමා ගැටුම් හේතුවෙන් මේවන විට මිය ගිය සංඛ්‍යාව 81 ඉක්මවා ඇති අතර තුවාල ලැබූවන් සංඛ්‍යාව 139 ක් බවට වාර්තා වේ.

තජිකිස්තාන් විදේශ අමාත්‍යාංශය විසින් සිවිල් වැසියන්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු 35 දෙනෙකු මිය ගිය බව වාර්තා කර ඇත. කිර්ගිස්තාන් පාර්ශ්වයේ මරණ සංඛ්‍යාව 46 වාර්තා වන අතර පසුගියදා කිර්ගිස්තානය විසින් නිවේදනය කර තිබුණේ තජික්ස්තානයේ ගම්මාන අසල සිටින 136000ක පදිංචිකරුවන්ට ඉන් ඉවත්වන ලෙසයි. මෙය වසර කිහිපයකින් මධ්‍යම ආසියාතික රටවල් දෙක අතර ඇති වූ දරුණුතම ගැටුම බවට පත්ව ඇත.


වන විට රටවල් දෙකම රුසියාවේ නායකත්වයෙන් යුත් සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධානයේ (CSTO) කොටසක් වන අතර දෙරටෙහි රාජ්‍ය නායකයන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වූ රුසියනු ජනාධිපති ප්‍රකාශ කර ඇත්තේ හැකි ඉක්මනින් සාමකාමී, දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රම මගින් තත්වය විසඳීමට පියවර ගන්නා ලෙසයි.


මේසිකුරාදා දෙපාර්ශ්වයම සටන් විරාමයකට එකඟ වූ නමුත් එතැන් සිට ගිවිසුම කඩ කරන බවට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා කරමින් සටන් දිගටම පැවතුනි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් දෙපාර්ශ්වයේම නායකත්වයෙන් ඉල්ලා සිටියේ කල් පවතින සටන් විරාමයක් වෙනුවෙන් සාකච්ඡා කරන ලෙසයි.
මෙම නොවිසඳුන ආරවුල හේතුවෙන් අවස්ථා ගණනාවකදී දෙපාර්ශවය අතර නොනවතින සටන් ඇතිවූ අතර ඉන් වන ජීවිත හානි සංඛ්‍යාව පුළුපටු නොවේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි