×

ඇෆ්ගනිස්ථාන ජනපති ඉලක්කකොට ගෙන එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින් 48ක් මරුට!

මෙම ප්‍රහාර සිදුව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණයට දින 11 කට පෙරය.


අද (17) දින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් අවස්ථා දෙකකදී එල්ල කළ ප්‍රහාර දෙකකින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වේ. 

මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කොට ඇත්තේ ජනාධිපති අෂ්රෆ් ඝානි ගේ මැතිවරණ ප්‍රචාරක රැළි ඉලක්කකොට ගෙන බවට වාර්තා වේ. ප්‍රහාරයෙන් ඝානි දිවි ගලවා ගෙන ඇත.

මෙම ප්‍රහාර සිදුව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණයට දින 11 කට පෙරය. 

කැරලිකාර කණ්ඩායම් හා ඇමරිකාව අතර බිඳවැටුණු සාම සාකච්ඡා වලින් අනතුරුව තලේබාන් අණදෙන නිලධාරීන් දිව්රා පොරොන්දු වී තිබුණේ, ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ ප්‍රචාර කටයුතු ප්‍රචණ්ඩකාරී ලෙස කඩාකප්පල් කරන බවයි. 

එළඹෙන ජනාධිපතිවරණයෙන් පස්වන වරටත් ධූරකාලය අපේක්ෂා කරන අෂ්රෆ් ඝානි මධ්‍යම පර්වාන් පළාතේ අගනුවර වන චරිකාර් හා රැළියක් ඇමතීමට නියමිතව තිබුණේ මෙම මරාගෙන මැරෙන බෝම්බකරු රැස්ව සිටි පිරිසට පහර දුන් අවස්ථාවේය. පර්වාන් හි ප්‍රහාරයෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 42 ක් තුවාල ලබා ඇත.

පර්වාන් ප්‍රහාරයට අමතරව කාබුල් නගරයේදී පැවති රැළියක් වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 38 දෙනෙකු තුවාල ලබා ඇත. මේ අතර කාන්තාවන් හා කුඩා දරුවන් ද සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි